gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද ත‍්‍රිවිධ හමුදාව අමතයි.. විදෙස් රටවල් කල බලපෑම ගැන මුල්වරට හෙලි කරයි

රක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිප්‍රදානෝත්සවය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වින.

අගමැතිවරයා එහිදී කරන ලද සම්පුර්ණ දේශණය මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වන මෙන් මට ලැබුණු ආරාධනාව මම පිළිගත්තෙ බොහොම සතුටෙන්. නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පස්සෙ අගමැති හැටියට පත්වෙලා  ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයන් නිල වශයෙන් ආමන්ත්‍රනය කරන්න මට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මීට අවුරුදු දහයකට කළින් කොටි ත්‍රස්තවාදය පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණය අවස්ථාවේදී ඔබගේ සේනාධිනායකයා හැටියට කටයුතු කිරීමට ලැබීම මම මගේ ජීවිත කාලය තුළ ලැබූ සුවිශේෂම වරප්‍රසාදයරක් හැටියට තමයි මම සලකන්නෙ. ඔබ ඒ ලැබූ ජයග්‍රහනයේ කීර්තිය දේශීය වශයෙන් විතරක් නෙවෙයි ජාත්‍යන්තරවද තවත් දශක ගණනාවක් යනතුරු රැව් පිළිරැව් දෙන බව මට විශ්වාසයි.

ත්‍රස්තවාදී උවදුර මැඩපවත්වගන්න බැරුව මුලු ලෝකයම ලතවෙමින් හිටපු අවස්ථාවක තමයි අපි ඒ ජයග්‍රහණය ලැබුවෙ. එම නිසා,ඒ ශ්‍රී ලාංකික ජයග්‍රහණය ලංකාවට පමණක් නොවෙයි මුලු ලෝකයටම ආලෝකයක් සහ නව බලාපොරොත්තුවක් ගෙන දෙන කාරණයක් වුණා. ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් 2008 ජනවාරි මාසයේදී කොටි සංවිධානය ලෝකයේ බලගතුම හා භයානකම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නිල වශයෙන්ම නම් කරලා තිබුණා. ඇමරිකාවට කොටි සංවිධානයෙන් ඍජු තර්ජනයක් තිබුණෙ නැතත් ඇමරිකාව ඔවුන්ට සැලකුවේ ලෝකයේ දරුනුම ත්‍රස්තවාදී සංවිධානය හැටියටයි. ඔවුන්ට ඍජු තර්ජනයක් වුනු අල්කයිඩා සංවිධානය පවා ඇමරිකානුවන් විසින්ම ශ්‍රේණිගත කරල තිබුණෙ කොටි සංවිධානයට වඩා පහලින්. අපි එදා මුහුණ දුන් ත්‍රස්තවාදී උවදුරේ තරම ඒකෙන්ම පැහැදිලි වෙනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka