gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එල්ටිටිඊ සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව ස්විට්සර්ලන්ත අධිකරණය කියයි - බ්‍රිතාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවට එල් ටී ටී ඊ හිතවාදී පොරොන්දු - (video)

එල්ටිටිඊ ත්‍රස්ත සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව එරට නීතිපති කාර්යාලය විසින් චෝදනා ගොනු කර තිබුණු පුද්ගලයින් 12 දෙනෙකු ඊයේ (03) දිනයේදී නිදොස් කොට නිදහස් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

1999 සිට 2009 දක්වා කාලය තුළ එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් පෙනී සිටින ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (WTCC) සඳහා අරමුදල් රැස් කිරීම නිසා ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට එරට නීතිපති කාර්යාලය විසින් මෙම පුද්ගලයින් 12 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබූ තිබුණා.

ඒ  සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් ඊයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර එරට අධිකරණය සඳහන් කරන්නේ ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 260 වන වගන්තිය සැලසුම් කර ඇත්තේ මාෆියා ස්වභාවයේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා පමණක් බවයි.

එතැන් සිට එය අල්කයිඩා හෝ ඉස්ලාමීය රාජ්‍ය (IS) වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට ද මෙම නිතිය අනුව ත්‍රස්ත කණ්ඩායම් ලෙස හුවා දැක්වීමට නොහැකිව ඇති අතර එල්ටීටීඊය අරමුදල් රැස් කරන අවස්ථාවේ අපරාධ සංවිධානයක් ලෙස නොසැලකූ බව ෆෙඩරල් අධිකරණය සඳහන් කර ඇත්තේ.

මේ අතර ශ‍්‍රී ලංකාව කෙරෙහි මහා බි‍්‍රතාන්‍යයේ වර්ධනය වෙමින් තිබෙන තර්ජන සම්බන්ධයෙන් ඊයේ (03) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී අවධානය යොමුවුනා.

එහිදී අදහස් දැක්වූ ගෝලීය ශ‍්‍රී ලාංකික සන්සදයේ ප‍්‍රධාන ලෙක්ම් නීතීඥ ගැමුණු කරුණාරත්න කියා සිටියේ විශේෂයෙන්ම එරට කම්කරු පක්ෂය ශ‍්‍රී ලංකාවට තර්ජනාත්මක සහ එල් ටී ටී ඊ හිතවාදී පොරොන්දු ද මැතිවරණය වෙනුවෙන් ලබාදෙමින් සිටින බවත්, එරට කම්කරු පක්ෂයේ ඡන්ද පදනම රඳා පවතින්නේ ස්වදේශික බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් නොව විවිධ බාහිරින් පැමිණ පුරවැසිභාවය ලබාගත් පිරිසගෙන් බවත්ය.

මේ අතර බ්‍රිතාන්‍යයේ ද්‍රවිඩ වැසියන් සඳහා වන පාර්ලිමේන්තු කණ්ඩායමේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ  වෙස් ස්ටීටින් එළඹෙන මැතිවරණයේදී තරඟ කරන බවත්, රාජපක්ෂ ආගමනය නිසා තමන් භීතියට පත්වූ බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එම වීඩියෝව පහතින්.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka