gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ ඡන්ද නැතිකර ගත්තේ අපිමයි. අපි ඒ අයගේ අවශ්‍යතා හඳුනාගෙන නෑ - රෝහිත

සුගිය ජනාධිපතිවරණයේ උතුරේ ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබීම යනු එම පක්ෂය විසින්ම කරගත් වැරදි නිසා සිදුවූ දෙයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසයි. තම පක්ෂය උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනාගෙන නොමැති බව පැවසූ ඒ මහතා ඔවුන්ගේ සිත් දිනාගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවයි අවධාරණය කළේ.


"අපට උතුරේ කවුරුත් ඡන්දෙ දුන්නෙ නෑනෙ. හැබැයි ඡන්දෙ දුන්නෙ නෑ කියන්නෙ ඒ උතුරේ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්ද නෙවෙයි. මේ අපිම කරගත්ත දෙයක්. අපි උතුරේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය දේ හඳුනාගෙන නෑ. එතකොට අපි දැනගන්න ඕනේ උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන් මොනවද, මොනවද මේ කට්ටියට දෙන්න ඕනේ මේ කට්ටියගේ හිත් දිනාගන්න කියන එක.

දැන් ඔවුන්ව නොසලකා හැරලා, තනි කරලා ... මේ දෙමළ ජනතාව අපට වැඩක් නෑ කියන එක නෙවෙයි. මං හිතන්නෙ අපේ දේශපාලනඥයින් ඒ බුද්ධි මට්ටමට එන්න ඕනේ. එතනට ඇවිත් හිතුවොත් එහෙම මේ රට ලොකු ස්ථානයකට ගේන්න පුළුවන්. අපි මිනිස්සුන්ට උදව් කරන්න ගියාම ඒ කට්ටියව බෙදන්න හොඳ නෑ මේ අපේ කට්ටියක්, මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ කට්ටියක් කියලා. මේ කවුරුත් ශ්‍රී ලාංකිකයින්. " යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

රෝහිත රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නෙත් එෆ් එම් නාලිකාවේ ඊයේ (09) පැවති වැඩසටහනකට එක් වෙමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka