gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ටෙලිකොම් සිරිසේන ජනපතිගේ නියෝගය නොතකයි.. ඉල්ලා අස් නොවන බව කියයි.. පන්නන්න සූදානම්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය දරමින් සිටී.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස්වෙන්නැයි කරන ලද නියෝගයද නොතකසික් ඔහු මෙම කටයුත්තේ යෙදී සිටින බව ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක වෘත්තිය සංගම් චෝදනා කරයි.

සිරිසේන මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් හෝ නැති බවද එම වෘත්තිය සමිති කියා සිටී.

ටෙලිකොම් සභාපතිවරයාට මිලියන දෙකක මාසික වැටුපක් සහ සියලු වරප්‍රසාද සහිතව මසකට ලක්ෂ 90ක් පමණ දීමනා ද ලැබෙන බව ද සඳහන්ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී සති දෙකක් ඇතුළත එනම් 2015 ජනවාරි මස 22 වනදා ධුරයට පත් කරන ලද කුමාරසිංහ සිරිසේන මහතා මේ වන තෙක් ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය දරමින් සිටී.

ටෙලිකොම් සභාපතිවරයා පත් කිරීමේ නිල බලය මහා භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිව ඇති අතර එම නව පත්කිරීමත් සමගින් වත්මන් සභාපතිවරයාගේ ධුරය අහෝසි වෙයි. ඉල්ලා අස්වීම හෝ නොවීම ඊට අදාල නොවෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka