gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරි මැතිවරණයේ තරග කරන කිසිවෙකුට රජයේ ආයතනවල මුල් පුටු නෑ - ජනපතිගේ විශිෂ්ඨ තීන්දුවක්

දිරි මහ මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් කිසිවකු රජයේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරුවලට පත් නොකිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ දැනුම් දීමක් මත මෙම තීන්දුව ගෙන ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව දැනට එවන් තනතුරු සඳහා යෝජනා වී තිබූ නම් කිහිපයක්ම ඉවත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනකු ආයතනවල ඉහළ තනතුරු ලබා ගැනීමේ බලාපොරොත්තු අතහැර දමා ඇත.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම තනතුරු සඳහා මැතිවරණයට ඉදිරිපත්වීමත් අදහස් කර සිටින පුද්ගලයන් පත් කළ හොත් සිදු වන්නේ ඔවුන් මැතිවරණය ඉලක්ක කර ආයතනයේ මුදල් වියදම් කිරීමට පෙළඹෙන බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka