gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනට ජනපති ගෝඨාභය සහය පතයි

‘මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය අප රට මුහුණ පා සිටින බරපතළ උවදුරක්. මේ ව්‍යසනය පිටුදැකීමට අපි පාකිස්තානයේ සහයෝගය අපේක්ෂා කරනවා’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේදී ශ්‍රී  ලංකාවට සහාය වන ලෙසත් ජනාධිපතිවරයා පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර ඇත.

පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පෙරේදා (2දා) ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එහිදී මෙම අදහස් හුවමාරු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

දැනටමත් දෙරට අතර ඇත්තේ සමීප මිත්‍රශීලී සහ උණුසුම් සබඳතාවක් යැයිද සහයෝගිතා වපසරිය පුළුල් කරගනිමින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පාකිස්තානයේ බලාපොරොත්තුව බවද විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

‘ඔබතුමා චාරිකාවක් සඳහා පාකිස්තානයට එනතුරු අපි උනන්දුවෙන් බලා සිටිනවා’ යැයිද විදේශ අමාත්‍යවරයා එහිදී කීය. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී  ලංකාව සමඟ එක්ව ක්‍රියා කිරීමට සිය රජය කැමැත්තෙන් සිටින බවයි.

මූල්‍යමය ආධාර සෙවීම වෙනුවට අප වෑයම් කළ යුත්තේ අනේ‍යාන්‍ය වශයෙන් ඵලදායි පදනම මත වෙළෙඳ හා ආයෝජන ක්‍ෂේත්‍රයන්හි අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීමට යැයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මොහොමඩ් ෆයිසාල් සහ ශ්‍රී  ලංකාවේ වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් නන්වීර් අහ්මඩ් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පහන් විජේසේකර


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka