gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ සල්ලි එකතු කළ ෆොන්සේකා ගැන එජාපයට පැමිණිලි

ව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට යැයි කියමින් මුදල් එකතු කළ “ෆොන්සේකා” කෙනෙක් සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් එජාපයට ලැබී ඇතැයි වාර්තා වේ.

අදාළ පුද්ගලයාට ව්‍යාපාරිකයන් විශාල වශයෙන් මුදල් ලබාදී ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් ස්තූතිය පල කළ ලිපියක් හෝ ඔවුන්ට ලබාදී නැතැයි වාර්තා වේ.

සමාන්‍ය ක්‍රමවේදයට අනුව එජාපයට කරනු ලබන මූල්‍ය පරිත්‍යාග සම්බන්ධයෙන් එජාපය ස්තූති ලිපියක් ලබාදීම සිදුකරනු ලබන බව පැවසේ.

එම පුද්ගලයා වොක්ෂෝල් වීදියේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට සෘජුව සම්බන්ධව කටයුතු කළ අයෙක් බවද, සජිත් ප්‍රේමදාස මහතාට කිට්ටුවෙන් කටයුතු කළ අයෙක් බවද මේ වන විට හෙළිව තිබේ.

අත්තනායකගේ භූමිකාව

මේ අතර මැතිවරණ පරාජයෙන් පසුව නිවේදනයක් නිකු කර තිබූ තිස්ස අත්තනායක මහතා සඳහන් කර තිබුණේ ඉම්තියාස් බකීර් මාකර් මහතා හා තමා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම පරිදි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවයි.

එසේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා අපේක්‍ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා වාර කිහිපයකදී මැතිවරණයේ සියලු මෙහෙයුම් කටයුතු සිදුකිරීමට මෙහෙයුම් කළමනාකාර මලික් සමරවික්‍රම, සභාපති කබීර් හෂීම්, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ට භාරදුන් බවත් හෙතෙම පවසා තිබිණි.

කෙසේවුවද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේදී කිසිවෙකු අතින් අඩුපාඩුවක්, මගහැරීමක් සිදු වූයේ නම් එහි වගකීම බාර ගැනීමට තමා පසුබවට නොවන බවත් එම නිවේදනයේ දක්වා තිබිණි.

මිලියන 900ක ණයක්

මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් රුපියල් මිලියන 900ක පමණ මුදලක් ණය වී ඇති බවත් එම මුදල් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් විමසීමට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

-rilankamirror


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka