gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාපය නැවත පත් කර මුහුදට පනින්න සැරසෙන්න - ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න

ක්සත් ජාතික පක්ෂයට නැවතත් වසර 5කට බලය ලබා දුනහොත් රටේ ජනතාවට අවසානයේ මුහුදට පැනීමට සිදුවනු ඇති බවත්, රාජ්‍ය සම්පත් ,රජයේ ඉඩම් විදේශිකයන්ට විකුණා එදා වේල සොයා ගන්නා මේ  ආණ්ඩුව ගෙදර යැවීමට  ජනතාව ඇඟිලි ගනිමින් සිටින බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් පළකලේ පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.


මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

දැන් මේ ආණ්ඩුව රටටත් ජනතාවටත් අහිතකර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න යන්නේ. ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණයන් අනුව මෙම ගිවිසුම  රටට අවාසිදායකයි. රටේ ජනතාවට අහිතකරයි. ඒක නිසා කැබිනට් මණ්ඩලයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ගිවිසුමට විරුද්ධ වෙල  තියෙනවා. නමුත් යටිකූට්ටු ආණ්ඩුව හොර රහසේ මේ ගිවිසුම අත්සන් කිරීමේ වෑයමක අද නිරත වෙමින් සිටිනවා. මේ ගිවිසුම මගින් කොළඹ වරායේ සිට ත්‍රිකුණාමලයේ වරායා දක්වා විහිදෙන  විශේෂ ආර්ථික කලාපයට අපේ රටේ ඉඩම් අක්කර ලක්ෂ 12ක් පමණ ප්‍රමාණයක් අයිතිවෙනවා.එම ඉඩම් ඉතා අඩු මිලකට විදේශිකයින් අතට යනවා. ලැබෙන මුදලත් එක්ක බැලුවහම පර්චසයක් රු 20,000කටත් අඩුයි .

මේ ගිවිසුමේ තියෙන බරපතලම කාරණය තමයි ඔවුන්ට  දින 30ක දැනුම් දීමකින් මේ ගිවිසුමෙන් ඉවත් විය හැකියි.නමුත් අපිට රටක් විදිහට මේ ගිවිසුමෙන් ඉවත්වීමේ ප්‍රතිපාදන නැහැ.ඒක බරපතල ලෙස රට අනතුරේ හෙලීමක්. මන්ත්‍රීවරයා මහතා පැවසීය.

තව දුරටත් අදහස් ප්‍රකාශ කරමින්,

මේ ආණ්ඩුව බලයට පත්වුණ දවසේ ඉඳන් මේ රට විනාශ කලා.බලයට පත්වුණු ගමන් මහ බැංකුව මංකොල්ල කෑවා.ඒ තුළින් සමස්ත පොලී ‍ අනුපාත ඉහල ගියා. මුල්‍යවිශ්වාසය බිඳවැටුනා.ඒක නිසා අපේ රටට ආයෝජකයෝ ආවේ නැහැ.ඊට පස්සේ රටට මහා සම්පතක්ව තිබු හම්බන්තොට වරාය කුණු කොල්ලෙට විකුණලා දැම්මා.‍මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කලා.එහෙම කරලා මත්තල ගුවන්තොටුපල විකුණන්න සෑහෙන්න උත්සාහ කලා.ත්‍රීකුණාමල වරාය ,තෙල් ටැංකි ටික විකුණන්න සැලසුම් සකස් කලා.පොහොර  සහනාධාරය කපා හැරියා.රජයේ අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් වියට්නාමයෙන් ගම්බිරිස් ආනයනය කරලා ගම්බිරිස්  ගොවියා නැත්තටම නැතිකලා.කසල තේ කලවම්කීරීමෙන් ලංකාවේ තේ වලට තිබුණු කීර්ති නාමය නැති කරලා දැම්මා. මෙහෙම විනාශයක් කරපු ආණ්ඩුවක් නැවතත් අවුරුදු පහකට බලය ඉල්ලනවා.බැරි වෙලාවක්වත් බලය ලැබුනොත් රටේ ඉතුරු සම්පත් ටිකත් කුණුකොල්ලෙට විකුණනවා.එහෙම උනොත් අනාගත පරම්පරාවට රටක් ඉතුරුවෙන්නෙ නෑ. සෙනෙවිරත්න මහතා පැවසීය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka