gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලාගේ බල උන්මාදයට හොඳම උදාහරණය රතුපස්වල! (VIDEO)

මොනතරම් බලතල තිබුණත් මරපන්,කොටපන්,වෙඩි තියපන් කියා කිසියම් හෝ කණ්ඩායමකට උපදෙස් දීමට කිසිදු රාජ්‍ය පාලකයෙකුට අයිතියක් නැති වුණත් නැවතත් එම මරපන්,කොටපන්,වෙඩි තියපන් කියන අවතාරය ජනතාව හමුවට පැමිණ ඇති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ රතුපස්වල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එදා රතුපස්වල ජනතාව සිය ජීවත් වීමේ අයිතිය, පිරිසිදු ජලය පරිභෝජනය කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස එවකට පාලකයන්ට බලකළ ද අවසානයේ ඔවුන්ට ලැබුණේ මිනිස් ඝාතන ත්‍රිත්වයක් බව ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ජනතාව මහ මඟට විත් උද්ඝෝෂණයක් කරන විට රාජ්‍ය පාලකයෙක් කළ යුත්තේ එය බලහත්කාරයෙන් මර්දනය කිරීම නොව පොදු ජනතාවගේ හඬට සවන් දී එකී ප්‍රශ්නය විසඳීමට කටයුතු කිරීම බව හෙතෙම ප්‍රකාශ කළේය.

එහෙත් එදා රාජපක්ෂවරු කටයුතු කළේ බල උන්මාදයෙන් හැමදාමත් රාජ්‍ය පාලන බලය රාජපක්ෂ පවුලට අයත් වූවක්ය යන අදහසින් යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

අතීතය එවැනි ඛේදජනක තත්ත්වයන්ගෙන් සමන්විත වුවද අනාගතයේදී තමන් ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ජනතාවගේ ආර්ථික අයිතිය,සමාජ අයිතිය මෙන්ම ජීවත් වීමේ අයිතියද තහවුරු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka