gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සමරමින් උතුරේ සැණකෙලි

කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය හා මහවිරු සැමරුම් දිනයන් යෙදී ඇති නොවැම්බර් මස 26 සහ 27 දිනයන්ට වෙනුවෙන් මේ දින වල උතුරේ ස්ථාන කිහිපයක පෙර සූදානම් වැඩසටහන් රැසක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ  යාපනයේ කෝපායී ප්‍රදේශයේ  ඉඩමක් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවති.

එමෙන්ම යාපනය වැල්වැටිතුරෙයි , කෝපායි ඇතුලු ප්‍රදේශ කිහිපයකද කිලිනොච්චිය කනකපුරම් ,විෂ්වමඩු, මුලතිව් මුල්ලියාවලෙයි, මුල්ලිවයික්කාල්, මන්නාරම වෙඩිතලතිව්, වව්නියාව ඊච්චන්කුලම් ආදි ප්‍රදේශයන්හි යුද සමයේදී පැවති මහවිරු සුසාන භූමි තිබූ ස්ථානයන්හි මේ වසරේද මහවිරු සැමරුම් පැවත්වීමට සංවිධායකයින් විසින් පියවර ගෙන ඇත.

මහවිරු සැමරුම් සිදු කෙරෙන් ස්ථාන පෙර සූදානම් කටයුතු උතුරේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංක
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka