gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සනීපාරක්‌ෂක තුවා කතාවට හිනා වෙන පොහොට්‌ටුවේ අයට ප්‍රශ්නය පේන්නේ නෑ - රංගන ශිල්පී ශ්‍රීමතී රසාදරී

"ජනාධිපති අපේක්‌ෂක සජිත් මහතා කාන්තාවන්ට සනීපාරක්‌ෂක තුවා දෙනවා කියපු එකට විපක්‌ෂයේ මන්ත්‍රී ගොල්ලෝ හිනා වෙනවා. අද සනීපාරක්‌ෂක තුවායක්‌වත් ගන්න බැරි අපේ කාන්තාවෝ ලංකාවේ කොච්චර ඉන්නවද?" යෑයි එක්‌සත් ජාතික පක්‌ෂ කලා සංසදයේ සාමාජිකා රංගන ශිල්පිනී ශ්‍රීමතී රසාදරී මහත්මිය ඊයේ (08 වැනිදා) පැවසුවාය.

මෙහිදී තවදුරටත් කතා කළ රසාදරී මහත්මිය මෙසේ ද කියා සිටියාය.

සජිත් ජනාධිපති අපේක්‌ෂකතුමා කාන්තාවන්ට සනීපාරක්‌ෂක තුවා දෙනවා කියලා කියපු එකේ වැරැද්දක්‌ මම දකින්නේ නැහැ. අද මේ සනීපාරක්‌ෂක තුවා මිලදී ගන්නවත් සල්ලි නැති දුප්පත් ගෑනු ළමයි, කාන්තාවන් මේ රටේ කොච්චර නම් ඉන්නවද? මේ ප්‍රශ්නය ගැන වෙනත් කිසිම ජනාධිපති අපේක්‌ෂකයෙක්‌ ජන රැලිවල කතා කළේ නැහැ. ජනාධිපතිකමට ඉල්ලන තරුණ නායකයකුට මේ වගේ දෙයක්‌ සිහිපත් වීම ලොකු දෙයක්‌.

අද පාසල් යන සමහරක්‌ ලොකු දුවලා සමහර දවස්‌වලට දින දෙක තුනක්‌ ඉස්‌කෝලේ යන්නේ නැහැ. ඒ අයට සනීපාරක්‌ෂක තුවා මිලදී ගන්න මුදල් නැතුව අඳින්නේ රෙදි කෑලි. මෙන්න මේ වගේ තත්ත්වයක්‌ රටේ තියෙන්නේ.

සජිත් ඇමැතිතුමා මේ කියපු දේට විපක්‌ෂයේ මන්ත්‍රී ගොල්ලා හිනා වෙනාව. නමුත් ඒ අයට මේ ප්‍රශ්නය පේන්නේ නැහැ. සජිත් ඇමැතිතුමා යමක්‌ කරනවා කිව්වොත් ඒ දේ කරන කෙනෙක්‌. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ ඉදිරියට ගෙනි යන රට ගැන හැඟීමක්‌ ඇති තරුණ නායකයෙක්‌ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා.

දිවයින


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka