gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්ලොට් සංවිධානයේ සහයත් සජිත්ට

ළඹෙන ජනාධිපතිවරණයේදී, ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දැක්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානය ද තීරණය කර තිබෙනවා. එහි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හට සහය පළ කිරීමට සිය සංවිධානය තීරණය කළ බවයි.


ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හරහා දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි ප්ලොට් සංවිධානයේ් මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හට සහය දැක්වීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබාදුන් බවයි ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පැවසුවේ.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සංවිධානය සහ ප්ලොට් සංවිධානය එක්ව දෙමළ ජාතික සන්ධානය පිහිටුවා තිබෙනවා. එහි ප‍්‍රධානතම හවුල්කරු වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඊයේ පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හට සහය බලා දෙන බවයි.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂවලින් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් සිය මතය ප‍්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ සෙල්වම් අඩෙයිකලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ සංවිධානය පමණයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka