gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාස තුනක් ඇතුලත කන්තලේ සීනි කම්හල යළි අරඹන බවට සජිත්ගෙන් පොරොන්දුවක්

න්තලේ ප්‍රදේශයේ උගත් බුද්ධිමත් රැකියා විරහිත තරුණ තරුණියන් ගේ සිහින සැබෑ කරමින් වසා දමා ඇති කන්තලේ සීනි කම්හල තමා ජනාධිපති වරණය ජයග්‍රහණය කිරීමෙන් පසු මාස තුනක් ඇතුලත ආරම්භ කිරීමට වැඩකටයුතු සලස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (4) කන්තලේ දී පැවසීය.


කන්තලේ භාතියගම ක්‍රීඩාංගණයේ දී එම පෙරමුණේ ජයග්‍රහණය උදෙසා ඒ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රචාරක රැළිය අමතමින්  එසේ පැවසීය.මෙහිදී සේරුවිල ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා ගේ පුත් නලින් ගුණවර්ධන හා ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පොල්හේන්ගොඩ  උපරතන හිමි( ශ්‍රී.ලං.නි.ප) ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරින් පිරිසක් ද සජිත් මහතා ට සහයෝගය පල කිරීම සඳහා වේදිකාවට නැගීම විශේෂත්වයක් විය.

ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය,

“ පසුගිය කාල වල පැවැති ජනාධිපති වරණ වලදී තම ඡන්දය දීලා මේ රටේ ජනාධිපති වරුන් පත් කරලා තියෙනවා. නමුත් රටේ ජනතාවත් ඒ ජනාධිපති වරුනුත් අතර කිසිදු සහ සම්බන්ධතාවයක් පැවැතුනේ නැහැ. මම 16 වෙනිදායින් පසුව රටේ ජනාධිපති වරයා වශයෙන් ජනතාව සමග සබඳතා ඇතිකරගත හැකි ජනාධිපති කාර්ය සාධක බලකායක් ගොඩ නගනවා. ඒ හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සංවර්ධන ඒකක පිහිටුවලා සියළුම දෙනාගේ ප්‍රශ්ණ වලට හා ගැටළු වලට පැය 24 ක් ඇතුලත විසඳුම් ලබාදීමේ වැඩ පිළිවෙලක් සකස් කරනවා. ඒක අළුත් ක්‍රමයක් . මගේ අළුත් වැඩපිළිවෙලක්. 25 ස් වසරක ජනතා සේවයේ මා ලබපු අත්දැකීම් මත සිදු කරන්නක්. මෙම ප්‍රදේශ වල පදිංචි අයවලුන් ගේ ඉඩම් ඔප්පු පිළිබඳ ගැටළු වලට විසඳුම් දෙන්න ඉඩම් බලපත්‍ර සඳහා ඔප්පු ලබා දෙන්න මා පුද්ගලිකව කැප වෙනවා. මෙම ප්‍රදේශවල සිවිල් ආරක්ෂක භටයින් ස්ථීර කලේ අපේ රජය යටතේ. තව සිවිල් ආරක්ෂක බලකාය යටතේ ඇබෑර්තු 7000 ක් තියෙනවා. ඒ අයත් බඳවා ගෙන මෙම ප්‍රදේශය තුල රාජකාරි පවරලා ඔවුන් ප්‍රදේශයෙන් පිට කොළඹ වැනි ප්‍රදේශ වල රාජකාරි යෙදවීම නතර කරනවා. අවුරුදු 22 න් විශ්‍රාම යන්න අවස්ථාව ලබා දෙනවා. මගේ ප්‍රතිවාදියා ගොවීන්ට දෙන පොහොර මිටියේ මිළ දන්නැතිව 350 ට දෙන පොහොර මිටිය නිකන් දෙනවා කියලා පොරොන්දු දෙනවා. රුපියල් 350 ට පොහොර නැහැ. රජයෙන් පොහොර දෙන්නේ රුපියල් 500 ට රුපියල් 150 ක රක්ෂණ මුදලක් එක්ක. ප්‍රතිවාදියා ඒක දන්නේ නැහැ. මම බලයට පැමිණියාම මේ ප්‍රදේශවල විතරක් නොවේ මුළු රටේම වී වගාවට එළවළු වගාවට හේන් වගාවට පළතුරු වලගාව ඇතුළු හැම වගාවකටම නොමිලේ පොහොර දෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල ගොවිතැන් කරන ගොවීන් සඳහා ඉඩම් ඔප්පු ලබා දෙන වැඩ පිළිවෙලක් ඇති කරනවා. අධ්‍යාපන ගැටළු වලට විසඳුම් ලබා දීම සඳහා පාසල් පද්ධතිය ගොඩ නගා ස්ථීර විසඳුම් අධ්‍යාපනය සඳහා ලබා දෙනවා. මේ පළාතේ තිබෙන ප්‍රශ්ණයක් තමා මිරිදිය ධීවර කර්මාන්තය පිළිබඳව ගැටළු. ඒ සඳහා ද ධීවර සමිති හරහා නව ආම්පන්න ලබා දී එම කර්මාන්තය දියුණු කිරීම කටයුතු කරනවා. මේ රටේ ලක්ෂ 44 ක් වන පාසල් දුවා දරුවන්ට නොමිළේ පාසල් නිළ ඇඳුම් කට්ටල දෙකක් , සපත්තු කුට්ටම් දෙකක් දිවා ආහාරයද ලබා දෙන්න මම පොරොන්දු වෙනවා. මගේ පියා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයා පාසල් ළමුන්ට දිවා ආහාරය ලබා ලබාදීමට කටයුතු කලා. පසුගිය රජයන් වලින් ඒ දේවල් දරුවන්ට අහිමි කලා. මේ ප්‍රදේශයේ බහුලව අලි මිනිස් ගැටළුව පවතිනවා . ඒ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව හා

සමබන්ධවී තිරසාර විසමඳුක් ලබා දෙන ගමන් ගොවින්ගේ වගා හානි සඳහා රක්ෂණ ක්‍රමයකුත් හඳුන්වා දී ගොවියත් වන සත්වයත් ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් සකස් කරනවා. ඒ හරහා සේරුවාවිල සංචාරක පුණරුදයක් ඇති කරනවාත ඊලඟ ප්‍රශ්ණය තමා වසා දමා ඇති කන්තලේ සීනි කම්හල. එය මාස තුනක් ඇතුලත ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ හරහා ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳා රැකියා අවස්ථා උදා කරන්නත් බලාපොරොත්තු වෙනවා. කන්තලේ රෝහල හා සේරුවාවිල ආසනයේ තියෙන අනෙකුත් රෝහල් උසස් තත්වයට ගෙන ඒමට කටයුතු කරනවා. තවත් ගැටළුවක් තමා දුප්පත්කම. මේ රටේ දුප්පත්කම හැමදාම තියෙන්න ඕනේ නෑ. අපි සමෘද්ධි වැඩ සටහන් ශක්තිමත් කරලා රටේ දුප්පත් කම නැති කරන්න සැළසුම් ක්‍රියාත්මක කරනවා. රටේ අනාගත යොවුන් පරපුර ඔවුන් නව තාක්ෂණික දැණුමෙන් පරිපූර්ණ පිරිසක් බවට පත් කරනවා. ඒ අනුව තාක්ෂණ විද්‍යාල හා තොතුරු තාක්ෂණ කලාප ඇති කරනවා. ඒවා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඇති කරනවා. පෙරපාසල් අධ්‍යාපනය වැඩි දියුණු කරමින් පෙරපාසල් ගුරුවරුන් ගේ වටුප් රජය මගින් ගෙවීමටත් රජයේ පූර්ණ මැදිහත්වීම මත දරුවන් සඳහා පෙරපාසල් අධ්‍යාපනය නොමිලේ ලබා දීමටත් කටයුතු කරනා. මිත්‍රවරුනි මට කියන්න විශේෂ කාරනයක් තියෙනවා. මම මගේ     ප්‍රතිවාදියාට නිතරම විවෘතව කතා කරනවා මාත් එක්ක විවාදයකට එන්න කියලා. කෝ එයා කොච්චර කථා කලත් එන්නේ නෑනේ. මම කන්තලේ ඉදන් කියනවා එයා ගේ ජනාධිපති අයියත් එක්ක හරි එන්න මම තනියම එන්නම් කියලා. නැත්නම් එයා ගේ මුළු පවුලත් එක්ක එන්න කියනවා. ඒත් එන්නේ නැහැ. මම බය නැහැ . මම එන්නේ තනියම. මට වයස අවුරුදු 52යි. මම ශක්තිමත් . මම ඕනෑම විවාදයකට එන්න කැමතියි. මම සේරුවාවිල ජනතාවට කියන්න කැමතියි . මේ ලඟදි ප්‍රතිවාදියා විදේශ මාධ්‍ය වේදිනියක අහපු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් කියනවා යුද්ධය කලේ මම නෙවෙයි හමුදාපති කියලා. එතනින්ම එයා ඇදගෙන නෑවා. මම කියන්න කැමතියි . යුද්ධය අවසන් කල හමුදාපති සරත් පොන්සේකා  මගේ රජයක් යටතේ නීතිය හා සාමය භාර හා රාජ්‍ය ආරක්ෂක ඇමති වරයා ලෙස පත් කරනවා කියලා . ඒ වගේම සියළුම ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කොට මේ සේරුවිල පුරවරය සුරපුරයක් කරනවා.

අමාත්‍ය ෆීල්ඩ් මාස්ටර් සරත් ෆොන්සේකා වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය ඇමති අබ්දුල්ලා මහරුප් , සේරුවිල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීත් සමරසිංහ , කන්තලේ ප්‍රාදේශීය සබා හිටපු සභාපති ආර්.එම්.රත්නබණ්ඩාර , යන  මහත්වරුද මෙහිදී කථා කළහ. 



කන්තලේ ඩබ්.එම්.වික්‍රමසිංහ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka