gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන ජනපති හා මහින්ද තැබූ වරාය නගරයේ මුල්ගල යහපාලනයෙන් ගලවා විසිකරද්දී චීනයෙන් ඉල්ලාගෙන

ගාල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

පාස්කූ ප්‍රහාරයෙන් වැඩියෙන්ම වැදුණේ අපේ පොකැට් එකට. හෝටල් කාමර වැහිල ගියා. ආර්ථිකය කඩා වැටුණා. මේ පැත්තේ කුරුදු මිළට පවා වුණ දේ අපි දන්නවා.
පිට් පොකැට් කාරයා දුවන්නේ ඔන්න හොරෙක්, ඔන්න හොරෙක් කියල කෑ ගසමින්. රනිල් වික්‍රමසිංහත් අපිට හොරා හොරා කිය කියා මහ බැංකුව ඉවර වෙන්නම හොරා කෑවා. රනිල් වික්‍රමසිංහ අද රගපාමින් ඉන්නේ පිට් පොකට් කාරගේ චරිතය.

අද ඔබ දින ගැන ගැන බලා සිටින්නේ 16 වැනිදා එනතෙක්. අපේ රටේ සියළු දේ රදා පවතින්නේ ජාතික ආරක්ෂාව මත කියන එක මේ වන විට ඔප්පු වෙලා තිබෙනවා. වසර 30 ක යුද්ධය ඉවර කරලා වසර 10 ක් ගතවන විට අපේ රට නැවත බෝම්භ පිපිරෙන රටක් බවට පත් වුණා. අප්‍රේල් 21 පාස්කූ ප්‍රහාරය පිළිබද සියළු තොරතුරු ආණ්ඩුවට ලැබිල තිබෙද්දීත් ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගන්න බැරි වුණා. මුස්ලිම් ඡන්ද නොලැබේවී කියල බයට වෙන දෙයක් බලාගෙන ආණ්ඩුව හිටියා. උතුරට අපි ගියා. නැගෙනහිරට අපි ගියා. අද ඒ පැත්තේ ජනතාවත් මේ ආණ්ඩුව ගැන කල කිරිල.

දෙමල සන්ධානය, ව්‍යවස්ථාවක් ගැන කතාකරමින් දෙමල ජනතාවගේ ප්‍රශ්ණ අමතක කලා කියලයි, උතුරු නැගෙනහිර ජනතාව කියන්නේ. උතුරේ හිටපු මහ ඇමතිවරයා සිංහල අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්න එපා කියල ඉල්ලා තිබෙනවා. අද රටේ තිබෙන්නේ අපි හදපු පාලම්, පාරවල්, බෝක්කු, ගොඩනැගිලි විතරයි. මේ ආණ්ඩුව කළේ ඒවා විවෘත කරන එකයි. අපි ආරම්භ කරපු වරාය නගරයේ මුල්ගල ගලවල මූදට දාන්න ගෙනියන විට චීන ජාතිකයෝ ඉල්ලාගෙන තිබෙනවා. අනුන්ගේ වැඩ වලට නම දාගන්න මේ අය බොහොම දක්ෂයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ කතාව ඔබල අහන්න ඇති. ඒ කතාවේ අවලාද, මඩ තිබුනද? තමන් කරන දේ පමණක් ඔහු කිව්වා. ඔහු ඔහුගේ ප්‍රතිපත්තිය රටට කිව්වා. අපේ විපක්ෂ අපේක්ෂකයා කතා කරන්නේ දෙන දේවල් ගැන පමණයි. දීපාවලී වෙනුවෙන් දමිළ ජනතාවට උත්සව අත්තිකාරම පවා ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ වුණාට 1500/- ක් දෙන්න කතා කරනවා. අපි පොලීසියට හමුදාවට මෙන්ම අනෙකුත් රජයේ සේවකයින්ට දෙන දේවල් ගැන පැහැදිලිව කියල තිබෙනවා. මේ වන විට තැපැල් ඡන්දය 80% ක් පොහොට්ටුවට ලැබිල තිබෙන්නේත් ඒකයි. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අකුරටම ක්‍රියාත්මක කරනවා.

– ජයකාන්ත ලියනගේ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka