gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොටි මහවිරු සොහොන් මහවිරු සැමරුමට සූදානම් කරයි

යුද සමයේදී එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සිදු කල මුලතිව්  වන්නිවිලාන්කුලම් ප්‍රදේශයේ පැරණ මහවිරු සුසාණ භූමිය ප්‍රදේශයේ වැසියන් පිරිසක් විසින් එලඹෙන මහවිරු සැමරුම් දිනය වෙනුවෙන් සුදානම් කෙට ඇත.


අදාල සුසාන භූමිය සුද්ද පවිත්‍ර කරන අවස්ථාවේදී යුද්දෙන් පසුව ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලද මහවිරු සුසාන භූමියේ කොටස් කිහිපයක් රැගෙන විත් ගස් යට තබා පිළිවෙලකට සකස් කිරීමේ කටයුතුද ඔවුන්  විසින් සිදු කොට ඇත.

ඉන් පසුව එම ස්ථානයේදීම නොවැම්බර් මස 27 වෙනිදාට යෙදෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සමරණ ආකාරය පිළිබදව  කුඩා රැස්වීමක්ද පවත්වා තිබෙන අතර ඒ වෙනුවෙන් ප්‍රදේශයේ සියලුම ජනතාව රැසවන ලෙසටද දැනුම් දී ඇත.

.එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය නොවැම්බර් මස 26 වෙනිදාට යෙදී ඇති අතර මහ විරු දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 27 වෙනිදා වන අතර මහවුරු සතිය ලෙස නම් කොට ඇත්තේ නොවැම්බර් 23 වෙනිදා සිට 27 වෙනිදා දක්වා කාලයයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka