gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝටාට සංයමයක්, හික්මීමක් නෑ.. සජිත් වටේ ඉන්නේ මහා බුද්ධිමතුන්

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විවාදවලදී දෙන්න උත්තර නැති බවත් 16 වැනිදාට ඔහුට දාන්න චන්දෙත් නැති බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර අම්පිටියේදී ජනතාව අමතමින් ඔහු මේ බව පැවසීය.


අද ගෝඨාභය අපේක්ෂක තුමාට අභියෝග පිට අභියෝග එල්ල කලත් විවාදයකට නෝයේන්නේ එතුමාට අපේක්ෂකයෙක් හැටියට සංයමයෙන් හික්මීමක් ඇතිව කිසිම උත්තරයක් දෙන්න හැකියාවක් නොමැති නිසා. එතුමාට අද දෙන්න උත්තර නෑ,

ඒ වගේම 16 වැනිදාට එතුමාට දාගන්න එතුමාටම කියලා ඡන්දෙත් නෑ. කොටින්ම කිව්වොත් සිය බිරිඳගේ ඡන්දයවත් එතුමාට නෑ. අද මහලොකුවට ජාතිආලෙන් කතාකරාට වසර අවුරුදු පහළොවකට ඉස්සර එතුමා සිය පවුල පිටින් රට දාලා ඇමෙරිකාවට ගිහින් පදිංචි උදවිය.

තරුණයෙක් හැටියට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකතුමාට රටේ සෑම ජන කොටසකටම, සෑම සමාජ තීරුවකටම අවශ්‍ය රැකවරණය, සංවර්ධනය ළඟා කර දෙන්න නවීන දැක්මක් තියෙනවා. එතුමාට අපේ නුවර දිස්ත්‍රික් මැතිවරණ ජයග්‍රහනය ගැන දැඩි විශ්වාසයක් තිබෙන අතර, එතුමා මහනුවර සංවර්ධනයට විශේෂ අවධානයක් මේන්ම ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සඳහන් කර සිටියේ මේවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති සහ යෝජනා සියල්ලම ඉදිරිපත් කර ඇත්තේ රටේ ආර්ථික විශේෂඥයන් සහ බුද්ධිමතුන්ගේ උපදෙස් අනුව බවත් එම නිසා එම සියලුම යෝජනා ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නව රජයට පවතින බවත්ය.

– media unit
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka