gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයාසිරි කණෙන් අල්ලා එලියට ඇදදමා ශ‍්‍රීලනිපයේ බලය අල්ලා ගන්නවා - කුමාර වෙල්ගම

16 වැනි දැන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පිරිස කනෙන් අල්ලා එළියට ඇද දමා පක්ෂයේ බලය අල්ලා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගත්තේ නැතැයි ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමනට කැමති අපේක්ෂකයකුට මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹදී ඊයේ දින කැඳවා තිබූ සමුළුව අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය එය බව ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka