gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කරුණා-පිල්ලෙයාන් ජනාධිපතිවරණයේදී දරුණු වෙයි..- මැකොට පැමිණිලි කෙරේ

ඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ කරුණා අම්මාන් සහ පිල්ලයාන් යන අය යටතේ ක්‍රියා කළ සංවිධාන සාමාජිකයන් ජනාධිපතිවරණ සමයේදී කරලියට යොමු කර කඩාකප්පල් ක්‍රියා සහ යම් කුමන්ත්‍රණකාරී තත්ත්වයක්‌ ඇති කිරීමේ අවදානමක්‌ ඇති බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය යුරෝපියානු සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායමට පැමිණිලි කර ඇත.


ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට තර්ජන කිරීම, හොර ඡන්ද ප්‍රකාශ කිරීම, ප්‍රචණ්‌ඩත්ව ඇති කිරීම යනාදී ක්‍රියාවලියන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු තමන් වෙත හෙළි වී ඇතැයි ද මුස්‌ලිම් කොංග්‍රසය පවසා තිබේ.

යුරෝපියානු සංවිධාන නිරීක්‍ෂණ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් අතර එම පක්‍ෂ කාර්යාලයේදී ඉකුත් 28 දා පැවති සාකච්ඡාවකදී මෙම පැමිණිල්ල කර ඇත.

එම සාකච්ඡාවට යුරෝපියානු සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායමේ දේශපාලන නිරීක්‍ෂක මේරි බෝලන්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක අමාත්‍ය රවුµa හකීම්, ලේකම් නීතිඥ නිසාම් කාරියප්පර්, නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති නසීර් අහමඩ් පක්‌ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්‌ෂ නීතිඥ ඒ. එම්. µdයිස්‌ යන මහත්වරු එක්‌වූහ.

නැගෙනහිර පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල පොදුවේ සුළු ජාතීන් වැඩියෙන් ජීවත්වන ප්‍රදේශවල මැතිවරණ දිනයේදී අපරාධ හා ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා ඇති වීමට ඉඩකඩ තිබෙන බව මුස්‌ලිම් කොංග්‍රසය මෙම සාකච්ඡාවේදී සැක පළ කර තිබේ.

තම පක්‍ෂය සහයෝගය දක්‌වන අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය වළක්‌වාලීමට නැගෙනහිර පළාතේ කුමන්ත්‍රණකාරී සැලසුමක්‌ සකස්‌ වන බවත් මුස්‌ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුµa හකීම් මහතා සඳහන් කර ඇත.

ඡන්ද මධ්‍යස්‌ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකයන්ට තර්ජනය කර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළක්‌වාලමින් ඒ වෙනුවට හොර ඡන්ද දැමීමට ඇති අවකාශ පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡාවට ගත් බව ද නගර සැලසුම් ජල සම්පාදන හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේම එම සාකච්ඡාවේදී භූගෝලීය වශයෙන් තනි වී ඇති කුඩා ගම්මානවල ප්‍රජාතන්ත්‍රවාදී සහ නීති විරෝධී ක්‍රියාවන්වලට ඇති ඉඩ ප්‍රස්‌තාව ගැන ද සාකච්ඡා කර ඇත. මෙවර ජනාධිපතිවරණයට තරග කරන හිස්‌බුල්ලා මහතා පසුගිය මැතිවරණ කාලයේ හැසිරුණු ක්‍රියා කලාපය මෙයට හොඳම සාක්‍ෂි දරන බව ද මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් පවසා තිබේ.

මැතිවරණ දූෂණ හා ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇතිවිය හැකි ප්‍රදේශ සහ මැතිවරණ මධ්‍යස්‌ථාන පිළිබඳ ලැයිස්‌තුවක්‌ දේශීය හා විදේශීය පක්‍ෂ නායකයන්ට සහ මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරන බවත් එම පක්‍ෂ නියෝජිතයෝ සඳහන් කරති.

– divaina
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka