gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්න හිතෙන රටක් ඕනෑ…- කතානායක

සෑම තරුණයෙකුටම තරුණියකටම ආත්ම ගෞරවයක් සහිතව ජීවත් විය හැකි “ඉන්න හිතෙන රටක් හැදීම” රජයක යුතුකමක් බවත් , නිදහස් අධ්‍යාපනයෙන් උගත් තරුණ තරුණියන් මව්බිම හැර ගොස් විදෙස් රටවලට සේවය කරන්නේ ඔවුන්ට එවැනි රටක් අහිමි වු විට බවත්, බුද්ධිගලනය වැළැක්වීමට නම් සමානාත්මතාවය රජයන අවස්ථාවන් බහුල රටක් නිර්මාණය කළ යුතු බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.


නිර්ලෝභීව රටේ වගකීම තරුණ තරුණියන්ගේ උර මතට ලබාදීම තුළින් ඔවුන් අනාගතය වෙත යෝධ පිම්මක් පනිනු ඇති බවට විශ්වාස කළ හැකි යැ’යි ද පැවසූ කරු ජයසුරිය මහතා පෙන්වා දුන්නේ මෑත භාගයේ ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ගේ දස්කම් කිසිදු යුගයකට වඩා ලෝක අවධානයට ලක් ව ඇති බවයි.

කථානායකවරයා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාවේ 41 වන ජාතික යෞවන සම්මාන උළෙලෙහි ප්‍රධාන ආරාධිතා ලෙස එක් වෙමිනි.

නෙළුම් පොකුණ රඟහලේදී පැවති යොවුන් සම්මාන උළෙල අමතමින් හෙතෙම පෙන්වා දුන්නේ 41 වසරක් පුරා ශ්‍රි ලාංකික තාරුණ්‍යයට දීප්තිමත් අනාගතයක් උරුම කර දීම සඳහා ජාතික තරුණ සේවා සභාව ලබාදුන් දායකත්වය මිල කළ නොහැකි බවයි.

1977 සිට තරුණ තරුණියන්ගේ හැකියාව පිළිගනිමින් ඔවුනට අවස්ථාවන් විවර කරදීම උදෙසා ජාතික තරුණ සේවා සභාව කළ මෙහෙවර තුළින් ජීවිත හදාගත් විශිෂ්ඨතමයන් රැසක් බිහි වී ඇති බවද, කථානායකවරයා පැවසීය.

මෙම 41 වන යෞවන සම්මාන උළෙල සඳහා ආර්ථික ප්‍රතිපත්ති සහ යෞවන කටයුතු රාජ්‍ය අමා‍ත්‍යයංශයේ ලේකම් එම්.ජේ.අමීර්, අතිරේක ලේකම් සමන් වඩුගේ , ජාතික තරුණ සේවා සභාවේ සභාපති කණිෂ්ක රාජපක්ෂ, යොවුන් සේනාංකයේ සභාපති කේ.ඒ.එස්.කීරගල යන මහත්වරුද එක් වූහ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka