gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය සජිත්ට ලැබුනේ TNA යෝජනා 13 ට එකඟ වීමෙන්ද..? සුමන්තිරන් කරුණු පැහැදිළි කරයි

ළඹෙන ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දීමට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර තිබෙනවා.



ඉලංගෙයි තමිල් අරසු පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ  ප්‍රධානත්වයෙන්  එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (03) වවුනියාවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් ප්‍රකාශ කළේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ මැතිවරණ ප්‍රකාශ පිළිබඳ සළකා බලා ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය කළ බවයි.

එසේම යාපනය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා සකස් කර ඉදිරිපත් කළ කරුණු 13කින් යුතු යෝජනාවලිය පිළිබඳව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මීට පෙර උතුරේ දේශපාලන පක්ෂ පහක් එක්ව කියා සිටියේ කරුණු 13 කින් සමන්විත අදාල යෝජනාවලියට එකඟවන අයකුට පමණක් සිය සහාය ලබාදෙන බවයි.

එම යෝජනා පහතින්.....

1.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

2.අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

3.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

4.දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

5.අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

6.උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

7.උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

8.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

9.මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

10.පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

11.උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

12.උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

13.උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka