gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුලතිව් පන්සලේ ප්‍රශ්නය උඩු දුවයි, භාරකරුටත් පහර දෙයි

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය භාරකරුට නාඳුනන තරුණ‌ෙයකු විසින් පහර දී ඇතැයි වාර්තා වේ.

විහාරස්ථාන භාරකරු කැළුම් බණ්ඩාර ප‍්‍රකාශ කළේ විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ පූජාවක් වෙනුවෙන් පැමිණි කණ්ඩායමක තරු‍ණ‌ෙයකු තමන්ට එලෙස පහර දුන් බවයි.


විහාරස්ථානය වෙත ට‍්‍රැක්ටර් රථයක පටවාගෙන කිසියම් දේව පිළිමයක් කණ්ඩායමක විසින් රැගෙන පැමිණි බවද එහිදී තමා විහාරස්ථානයේ භාරකරු වශයෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සිදුකළ බවද අදාල  පිරිස කුමක් සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් තමාගේ ජංගම දුරකථනයෙන් ජායාරූප හා වීඩියෝ ගැනීමක් සිදුකළ අවස්ථාවේ පැමිණි කණ්ඩායමෙන් කෙනකු තමන්ට පහරදීම සිදුකළ බවත් විහාරස්ථානයේ භාරකරු පවසයි.

අදාළ පිරිස පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මුලතිව් පොලිසිය දක්වා ගමන් කිරීමට තමාට සිදුව ඇති බවත් තනිව සිටින තමන්ට මුලතිව් දක්වා ගමන් කළ නොහැකි තත්වයක් පවතින බවත් මග රැක සිට අදාළ පිරිස තමාට පහර දෙතැයි තමන් බියෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

CCTV කැමරා පොලිසියෙන් ගලවයි

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්‍ෂාවට සවිකරන ලද සීසීටීවී කැමරා පද්ධතිය මුලතිව් පොලිසියේ නිලධාරීන් විසින් පසුගියදා ගලවා ඉවත් කොට ඇතැයි වාර්තා වේ.

අධිකරණයේ නියෝගවලට අනුව මේ ස්ථාන දෙකෙහිම ආගමික කටයුතු හැර වෙනත් කිසිම ඉදිකිරීමේ කටයුත්තක් හෝ සවි කිරීමක් සඳහා අවසර ලබාදිය නොහැකි නිසා එම කැමරා පද්ධතිය ඉවත් කිරීමට සිදුවූ බව මුලතිව් පොලිස් ආරංචිමාර්ග වාර්තා කරයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka