gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙමළ පක්ෂ ඇතුළු පක්ෂ 14ක් ගෝඨාභයගේ සහායට

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ සමඟ දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු තවත් දේශපාලන පක්ෂ 14ක් ඊයේ (04දා) අවබෝධතා ගිවිසුම් සඳහා අස්සන් තැබීය. මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී මෙම ගිවිසුම් අස්සන් තැබීම සිදු කෙරිණි.


ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතාත්, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහ සභාව වෙනුවෙන් සභාපති ආචාර්ය කේ. විග්නේශ්වරන් මහතාත්, ශ්‍රී  ලංකා ටෙලෝ පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ටී. උදයරාසා මහතා, ශ්‍රී  ලංකා ජනතා ජාතික පක්ෂය වෙනුවෙන් එහි ලේකම් එන්. විෂ්ණුකාන්ත් මහතා, ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ජයන්ත විජේසිංහ මහතා, එක්සත් ජනතා ජාතික පක්ෂය වෙනුවෙන් එහි ලේකම් නිහාල් ප්‍රේමකුමාර මහතා, ඉන්දීය සම්භවයක් ඇති ජනතා පක්ෂය වෙනුවෙන් එහි ලේකම් රශිඩා භානු රසාඩ් මහත්මිය අවබෝධතා ගිවිසුම්වලට අස්සන් තැබූහ.

නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය වෙනුවෙන් එහි ලේකම් වී.ජී. යෝගරාජා පිල්ලේ, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි ලේකම් සුගත් හේවාපතිරණ, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ඉන්දික පෙරේරා මහතා, ජාතික පෙරමුණ වෙනුවෙන් එහි සභාපති රංජිත් පීරිස් මහතා, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය වෙනුවෙන් එහි සභාපති කපුගෙදර රෝහිත නවරත්න මහතා, එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් එහි ලේකම් රුවන් තිලක පේදුරුආරච්චි මහතා, දේශප්‍රේමී ප්‍රගතිශීලී ජනතා පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සිරිසේන රාජපක්ෂ මහතා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එහි ලේකම් ප්‍රභා ගනේෂන් මහතාද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් අවබෝධතා ගිවිසුම් සඳහා අස්සන් තැබූහ.

මේ වනවිට දේශපාලන පක්ෂ 41ක් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වමින් අවබෝධතා ගිවිසුම් අස්සන් තබා තිබේ.

ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන් පැවැසුවේ දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට හොඳ බවයි. වන්නි දිස්ත්‍රික්කයේ මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවද දෙමළ ජාතික සන්ධානය කියන කරුණු පිළිනොගන්නා බවද පැවැසීය. පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා උතුරෙන් ලබාගත්තාට වඩා විශාල ඡන්ද සංඛ්‍යාවක් මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා බවට ප්‍රභා ගනේෂන් මහතා විශ්වාසය පළ කළේය.

වන්නි සහ යාපනය ජනතාව සුමන්දිරන්ට, සම්පන්දන්ට, ඒ.ටී.එන්.ඒ. අයට පහර දෙන්න සූදානම්ව ඉන්න කොට පොලිසිය මැදිහත්ව ඔවුන් බේරාගත් බව ශ්‍රී  ලංකා ජාතික ජනතා පක්ෂයේ නායක විෂ්නු කාන්තන් මෙහිදී පැවැසුවේය. දෙමළ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙතැයි නොසිතන ලෙසද ඔහු පැවැසුවේය.

ශ්‍රී  ටෙලෝ පක්ෂයේ මහ ලේකම් උදයරාසා මහතා පැවැසුවේ,

“2015දී වෙනසක් අවශ්‍ය බව කියා ජනතාව ඡන්දය දුන් බවයි. හොඳ කෙනා කවුද, කරල පෙන්නුවෙ කවුද, කරන්න බැරි එක්කෙනා කවුද, හොරු කවුද කියලා මේ අවුරුදු පහ ඇතුළේ මිනිස්සු බලලා තියෙනවා. දැන් මේ හොඳටම හොරු ටික දෙයියෝ පෙන්නල තියෙනවා. මේ මාසේ 16දා අපි අනිවාර්යයෙන්ම දිනනවා. 17දා රට දෙයියො භාර දෙනවා නායකයට බේරගන්න කියලා.”

පාස්කු ඉරිදා ප්‍රහාරය අගමැතිතුමා ඇතුළු සියලු දෙනා දැනගෙන මිනිසුන් විනාශ වනතෙක් පාඩුවේ සිට ඇතැයිද ඔහු පැවැසීය. මේ රට බේරාගත හැකි තැනැත්තා තමන්ට අවශ්‍ය බවත් ඔහු පැවැසුවේය.

මිනිස්සුන්ට බය නැතුව පාරට යන්න ඕන. 2019දී ඇතිවුණු බය නැති වෙන්න ඕන.

නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක රවි කුමාර් මහතා,

“1983 දෙමළ මිනිසුන්ට එළව එළවා පහර දුන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙනවා කියන්නේ අපේ ඔළුවට පස් දාගන්නවා වගේ වැඩක්. අපි කලින්ම දන්නවා දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට සහාය දෙනවා කියලා. ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 මේ රට පාවා දෙන යෝජනාවලියක්. ඒකෙන් සිංහල සහ සුළු ජාතීන් අතර ද්‍රෝහී බවක් ඇති කරනවා. මේක නතර කරන්න ඕන. කවුරු මොනවා කිව්වත් හරි අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙමළ ජනතාව ඡන්දය දෙනවා.”
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka