gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙඩි තැබූ SBගේ පොලිස් ආරක්‍ෂයන් දෙදෙනාම අත්අඩංගුවට - ගෝඨාභයගෙන් නිවේදනයක්

යේ පහුගිය හගුරන්කෙත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඔවුනගේ රාජකාරි ගිනි අවි සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ගමන්ගත් වාහනය අවහිර කරමින් කටයුතු කළ පුද්ගලයන් පාලනය කිරීම සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

මෙසේ වෙඩි තැබීම සිදුකර ඇත්තේ එස්බී දිසානායක මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු විසින් වන අතර ඒ හේතුවෙන් තුවාල ලත් දෙදෙනෙකු රෝහල්ගත කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් බලවත් ලෙස කනගාටුව පළ කරන බවත් එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka