gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හේතුව ගෝඨා කියයි

න්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීති රීති ලිහිල් කරන්න ඕනෑ. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හදුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරනවා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා අහුන්ගල්ලේදී ප්‍රකාශ කළේය.

විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණ බවත් වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබදව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්භ පිපිරෙන්න පටන් ගත් බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

අහුන්ගල්ල නගරයේදී ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන රැලියේදී එසේ ප්‍රකාශ කල ඒ මහතා මෙසේද කීය.

පාස්කූ ප්‍රහාරට මාස කිහිපයකට පමණ පෙර සිටම යම් පහර දීමක් සිදුවන බවට වත්මන් රජයට විදේශ බුද්ධි අංශ හරහා පවා දැනුම් දී තිබුණා. එය වලක්වා ගන්න රජය අපොහොසත් වුණා. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබදව මේ රජයට අවබෝධයක්, අවශ්‍යතාවයක් නැහැ. අපි මේ රටේ රණවිරුවන්ගේ අභිමානය නැවත ඇති කරනවා. රට තුල කිසිදු ත්‍රස්තවාදයකට හිස ඔසවන්න ඉඩ තියන්නේ නැහැ. අපේ රජය 2009 දී රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරාට පස්සේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල පිබිදීමක් ඇති වුණා.

පසුගිය පාස්කූ ප්‍රහාරයෙන් පස්සේ රටේ සංචාරක ව්‍යාපාරය නැවත කඩා වැටුණා. ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීති රීති ලිහිල් කරන්න ඕනෑ. මගේ රජය යටතේ ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය යටතේ සියළු ව්‍යාපාර කඩා වැටුණා. නිශ්පාදනය වැඩි කරන්න, ව්‍යාපාරිකයින් ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හදුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන්න කටයුතු කරනවා. අපි අභියෝග බාර ගන්න ලෑස්තියි. අපි බාර ගත්ත අභියෝග ජයගෙන පෙන්වා තිබෙනවා.

වැසි සහිත කාලගුණයක් තිබියදීත් අපේ ජයග්‍රහණයට ශක්තියක් වූ ඔබට ප්‍රථමයෙන්ම ස්තුති කරනවා. වසර 4 ½ ක් තිස්සේ රටේ විද්වතුන්, වෘත්තිකයින් සමග සාකච්ඡා කරලයි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදල තිබෙන්නේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවලුයි. මගේ ධූර කාලය තුලදි මේ සැලසුම් සියල්ලම මම ක්‍රියාත්මක කරනවා. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළා. විවිධ ජනාධිපතිවරුන් යටතේ වසර 30 ක් ඇදී ගිය ත්‍රස්තවාදය අපි අවසන් කළා.

විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබදව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්භ පිපිරෙන්න පටන් ගත්තා. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. මම, මට දුන්න වගකීම් අකුරටම ඉෂ්ඨ කර පුද්ගලයෙක්. මගේ රටේ ආදරණීය ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මා කෙරෙහි විශ්වාසය තබා ඔබ, ඔබේ යුතුකම ඉටු කරන්න. මම, මගේ වගකීම ඉටු කරන බව දැඩි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා.

– ජයකාන්ත ලියනගේ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka