gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියළු පක්‍ෂවල සහාය සජිත්ටයි.. නිල නිවේදනය නිකුත් කෙරේ !

දිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට පියවර ගත් බවට එම සන්ධානය විසින් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.

ටොලෝ පක්ෂයේ ඊයේ දින වව්නියාවේදී මද්‍යම කාරක සභා සාමාජිකයින් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ ජාතක සන්ධානය විසින් මෙසේ නිල නිවේදනයක් නිකුත් කොට ඇත.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් පත්වන නව ජනාධිපතිවරයා සතු ලක්ෂණ 4 ක්ද තිබිය යුතු බවද පෙන්වා දෙයි.

එහිදී පළමු කරුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාරදී ලෙස කැපවීමක් ඇති විරුද්ධවාදීන් නොඉවසන, අධිකාරිවාදයට හා ඒකාධිපතිවාදයට විරුද්ධ වන අයෙකු වීම පෙන්වා දෙයි.

දෙවැනි කරුණ වන්නේ, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාදායක, විධායකයේ සහ අධිකරණයේ සේවාවන්වල, විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පොලිස් හා ත්‍රිවිද හමුදා සේවය හා ඉහත සේවාවන් හි පාලන බය ඇති අනෙකුත් ආයතනවල නිදහස ආරක්ෂා කිරීම හා රැක ගැනීමට හැකි අයෙකු වීමයි.

තුන්වන කරුණ වන්නේ, මුලික අයිතිවාසිකම් හා මානව අයිතීන් උදෙසා කැපවු අයෙකු වීමයි.

අවසන් කරුණ වන්නේ, සාධාරණත්වය හා සාමානාත්මතාවය සහ සියලු ආගම් සහ ජාති භේද පසෙකලා ජාතික සහ ප්‍රාදේශීය ලෙස, රාජ්‍ය පාලනයට සත්‍ය ලෙසත් ඒ තුළින් නිර්මාණය වන එක්සත්, නොබෙඳුණු, බෙදිය නොහැකි, රටක් තුළ සියලූම පුරවැසියන්ගේ අනන්‍යතාවය පවත්වා ගැනීම සහ රැකගැනීම මඟින් ඔවුන් සමාන බව දැනෙන අතර එකම රටක් ඔවුන් සියලු දෙනාට අයිති වෙනවා සේම ඔවුන් එකම රටකට අයිති බව හැඟවිය යුතු බවයි.

ඉහත කරුණු සඳහන් වගකීම කවුරුන් හට ලබා දෙනවා ද යන තීන්දු ගැනීමේ දී ඡන්ද දායකයා ඉතා සුපරික්ෂාකාරී විය යුතු බවද ඒ නිසා සියලු කරුණු සලකා බලා විශේෂයෙන්ම පසුගිය කාලයේ සහ අනාගතයේ ඔවුන්ගේ ක්‍රියාවන් ද ප්‍රතිපත්ති ප්‍රකාශන ද සලකා බලා දෙමළ ජාතික සන්ධානය ( ඉලංගයි තමිල් අරසුකච්චි) විසින් සියලුම ජනතාවගෙන් විශේෂයෙන් නියෝජනය කරන දමිළ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ අපේක්ෂකයා, හංසයා ලකුණෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට ලබා ලෙසත් ඔවුන්ගේ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

මෙම නිවේදනය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඉලංගයි තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අදයික්කලනාදන් හා ප්ලොට් නායක ධර්මලින්ගම් සිද්දාර්තන් යන අය විසින් නිකුත් කර ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka