gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ට සහාය දෙන්න දෙමල සන්ධානය හොරගල් අහුලයි…

නාධිපතිවරනය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දීමට හැකිවනු ඇති බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.


මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේදී මේ බව පවසා ඇත්තේ පක්ෂ සාමාජිකයින් හමුවී පැවති සාකච්ඡාවකදී  වන අතර එහිදී මන්ත්‍රී වරයා පවසා සිටියේ  උතුරු නැගෙනහිර බහුතරයක් රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති බැවින් අදාළ පිරිස වෙනුවෙන් මෙවර ජන්දය ප්‍රකාශ කළ යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ පක්ෂ තීරණය ලබාදෙන බවයි.

දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ මේ සතිය තුළදි සාකච්ජාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව ජනාධිපති අපේක්ෂකයා කව්රුන්දැයි තීරණය කරන බවද යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මැදිහත්ව දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවය මත සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ පැවත්වෙන සාකච්ජාවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා වැඩි දුරටත් පැවසීය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka