gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තිලංග සුමතිපාලට ක්‍රීඩා ඇමතිගෙන් තහනමක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයතනයට යොමු කර තිබෙනවා. ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතලවලට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකිදැයි සොයාබලා මසක් ඇතුළත වාර්තාවක් සැපයීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගලගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමටද ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka