gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මියගිය මවගේ සිරුර පුතා කැලයට විසිකරලා..

නිවසේදි මිය ගියේ යැයි කියන 81 හැවිරිදි සිය මවගේ සිරුර සිය එකම පුතා විසින්  ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහල කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නැමති එක්දරු මව ඉකුත් 9 දින රාත්‍රි නිවසේදි රෝගාතුරව සිට මිය ගිය බවත්, මවගේ අවමංගල කටයුතු සිදු කිරිමට ආර්ථික පහසුකම් නොමැති නිසා සිරුර කැලයකට විසිකර දමන බවට සිය සැමියා විසින් පවසා එදිනම රාත්‍රි ත්‍රිරෝද රථයකින් සිරුර නංවාගෙන තම දෙවනි පුතාත් සමග සැමියා නිවසින් පිටව ගිය බව ආර්.විශ්වා ගෞරවි නැමති තිදරු මව පවසයි.

තම සැමියා සහ අවුරුදු 15 වයසැති තම දෙවනි පුතා කොළඹ ප්‍රදේශයේ  රැකියාවක නිරතව සිටින බවත්, සැමියා සහ පුතා සතියක පමණ කාලයක් නිවසට පැමිණ සිටි අවස්තාවේ රෝගාතුරව සිටි මව නිවසේදි මිය ගිය බව විශ්වා ගෞරවි කියා සිටියි.

නිවසින් පිටව ගිය තම සැමියා හෝ තම දරුවා පිලිබදව මේ වන තෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි විශ්වා ගෞරවි කියා සිටින්නේ.

ස්භාවික මරණයක් නොව මෙම ඝාතනයක් බවට සැකකරන එම වතු යායේ පදිංචි වතු කම්කරුවන් විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල මත වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරින් එක් ව මිය ගියේ යැයි කියන එක්දරු මවගේ සිරුර සොයා විග්ටන් වතුයයේ මෙහෙයුමක්ද දියත් කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka