gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප ව්‍යවස්ථාවෙන් ජනපති පක්ෂ නායකයාවීමේ වගන්තිය ඉවත් කරයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්ෂ නායකත්වය හිමි විය යුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

ඉහත වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇත්තේ 1994 වසරේ දී බව පැවසේ.

ඒ එවකට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දී ඇති කරුණු පදනම් කරගනිමින් බවද වාර්තා වේ.

එවකට පැවැති දේශපාලන වාතාවරණය මත එවකට ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබුවේ නම් ඇයට එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිරිනැමීමට සිදු වන බව  ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දීමෙන් පසුව මේ වෙනස සිදු කර ඇති බව පැවසේ.

ඒ අනුව ඉහත නීතිමය කරුණ සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු පක්ෂ නායකත්වයට පත්විය යුතු යැයි යන වගන්තිය 1994 වසරේ දී ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මූලාශ්‍රය - දිනමිණ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka