නාගරික මන්ත්රි සුසිල් තිලකරත්න මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. අනුරාධපුර පවිත්රපුර ප්රජාශාලා භූමියේ පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැති සමයේ හදිසියේ නගර සභාවට ලිපියක් යොමු කොට අවසර ලබාගෙන බුදු මැඳුරක් ඉදිකරමින් පවතිනවා.
නගරාධිපති එච්.පී. සෝමදාස මහතා, බුදු පිළිමයක් තියන්න ප්රජා ශාලාවේ.
නාගරික මන්ත්රි සුසිල් තිලකරත්න මහතා, ප්රජා ශාලාව තුළ නොවෙයි ප්රජා ශාලා භූමියේ වැසිකිළියට යාබදව එය ඉදි කරන්නෙ.
නගරාධිපති, ඔයා කැමැතිද බුදු මැඳුරක් ඉදි කරනවට. නාගරික මන්ත්රි සුසිල් තිලකරත්න මහතා, අපි අකැමැති වැසිකිළිය අසල එය ඉදිකිරීම නිසයි. බුදුපිළිමයක් තැන්පත් කළ යුතු තැනක නොවෙයි බුදු මැඳුර ඉදි කරන්නෙ. වැසිකිළියට බඹ කීපයකට දුරින් බුදුමැඳුර ඉදි කරන්න.
නගරාධිපති, එහෙනම් බුදු පිළිමයක් තියන්න දෙන්නෙ නෑ. බුදු පිළිමෙත් ඕන නෑ. නැතිනම් හාමුදුරුවරු ඕකේ පදිංචි වෙයි.
නාගරික මන්ත්රි සුසිල් තිලකරත්න මහතා, මේ වගේ දේවල්වලට ඉල්ලීම් ඉදිරිපත් කරනවිට නගර සභාවේ ඉන්ජිනේරු අංශය ස්ථානීය පරීක්ෂාවක් සිදු කොට බුදු මැඳුරක් ඉදිකිරීමට සුදුසු ස්ථානයක් යෝජනා කිරීමට තිබුණා. නගරාධිපති, ආපසු කවුරුත් එකඟ වෙන්න එපා නගරයේ බුදුපිළිම තියන්නයි, පන්සල් ඉදිකරන්නයි. අනුරාධපුර නගරයේ පන්සල් විසි හතරක් තිබෙනවා.
නාගරික මන්ත්රි සුසිල් තිලකරත්න මහතා, මම කියන්නෙ සුදුසු තැනක ඉදි නොකරන නිසා එය ඉදි කරන්න දෙන්න එපා කියලා.
නගරාධිපති, අනුරාධපුර නගරයේ මින් පසු බුදු පිළිම තැන්පත් කරන්නෙත්, පන්සල් හදන්නෙත් නෑ. පුල්ලෙයාර් රූප තියන්නෙත් නෑ. අනුරාධපුර නගරයේ ඕවා හැදුව ඇති දැන්. නාගරික මන්ත්රි සුසිල් තිලකරත්න මහතා, දහයියාගම මංසන්ධියෙත් පුල්ලෙයාර් රූපයක් තැන්පත් කොට තියෙනවා. ඒක ඉදිරිපිට මස් කපනවා. ඒ සම්බන්ධයෙන් මේ වනතුරු පියවරක් ගෙන නෑ.
මහේෂ් විජේසූරිය
