මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට සහය දක්වන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ නිවැරදි තීන්දු ගත යුතු බවද නිවැරදි තීන්දු නොගතහොත් තමනට එතන ඉන්න බැරි බව ද ඔහු කීවේය.
එක් එක් පුද්ගලයා කියන කතා තමනට වැඩක් නැති බවත් තමන් සිටින්නේ නිවැරදි තීරණය මත බවත් පැවසූ ඔහු කෙසේ නමුත් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා වන තීරණයක් ගතහොත් තමන්ගේ සහාය ලැබෙන බව ද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ සමග එකතු වීමට නොහැකි බවත් එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතු වෙනවාට ද තමන් අකැමැති බවත් ඔහු සඳහන් කළේය.
