ඊටත් වඩා ඔහු හොඳ මිනිසුන් විප්ලවවාදීන් සාමාන්‍ය සමාජයේ සිටින බවද එය ජවිපෙ අවබෝද කර ගත යුතු බවත් ඒ මහතා සදහන් කලේය.
එජාපයට, ශ්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම දැන්වත් නතර කල යුතු බවත් වරද විකල්පයක් නිර්මාණය නොකිරීමේ වරද ඇත්තේ තම පක්ෂයේ බවත් ඔහු පැවසීය.
ප්‍රධාන දේශපාලන ධාරාවන් පරාජය කළ හැකි එකම බලවේගය තමන් බවත් අනෙක් බලවේග යන්න විනාශ කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කාලයක් සිදු වූ බවත් ඒ ආකාරයෙන්ම ප්රභාකරන් ද සිතූ බවත් ඔහු කියා සිටියේය. නමුත් එය අසාර්ථක ක්‍රමයක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
