gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය - අනතුරු ඇඟවීමක් !

ස්ලාම් ආගමේ කොන්දේසිවලට යටත් නොවූ අයට විරුද්ධව කරනු ලබන තර්ජනය හා මර්දනය ඉස්ලාම් ආගමේ ආරම්යේ සිට වර්තමානය දක්වා සිදුවෙමින් පවතින්නේය. ඉස්ලාම් ප්‍රතිපත්තිය පිළිනොගන්නා අයටද, එය ප්‍රතික්ෂේප කර හැරගිය අයටද එරෙහිව ආරම්භ කළ යුදහඬ දශක ගණනාවක කාලයක් අවසන්වුවද තවමත් ඒවා කුරිරු ලෙස හඬනගමින් පවතී.
තව්හීත්  ජමාත් සහ ජමාත්තේ ඉස්ලාමි යන සංවිධාන විසින් පෝෂණය කර ඉන් පසුව කුඩා කාලයක් තනි සංවිධානයක් ලෙස ක්‍රියාකල ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙම අවුරුද්දේ අප්‍රේල් මස සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් ඒ අඛණ්ඩ ක්‍රියාවේ එක් කොටසක් විය.

මෙම ප්‍රහාරවලින් අනතුරුව පැවති සාකච්ඡාව හා සංවාද ඉතාමත්ම වැදගත්ය. ඉස්ලාම් ආගමේ නාමයෙන්; එකී උතුම්භාවයේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් බොහෝ අය නිහඬභාවය අවසන් කර හඬනගන්නට අවතීරණය වීම, අවශ්‍ය වෙනස්වීම් සඳහා හඬනඟන්නට පෙළඹවීමද දකින්නට ලැබිණි. ඉස්ලාම් ආගමේ අන්තවාදය නිසා විපතට පත්වූවන්ගේ හඬ පිළිබඳව අද රජය සහ අනිකුත් සමාජ සංවිධාන විසින්ද වඩා සැලකිලිමත් වීම ඒ සඳහා වන ප්‍රධාන හේතු සාධකවලින් එකකි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය (MMDA) විශාල ලෙස සංශෝධනය කළ යුතු බව නැවත නැවතත් පැහැදිලි කරමින් දින කීපයකට පෙර මුස්ලිම් කාන්තා සංවිධාන කිහිපයක් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ අතර, මාධ්‍යවලට හා සමාජ මාධ්‍යවලට අඛණ්ඩව අදහස් ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේදී එම කාන්තාවන්ට එරෙහිව ඉස්ලාම් අන්තවාදය සිය කුරිරුභාවය පෙන්වා ඇත.

ඉස්ලාම් අන්තවාදීන් කිසිඳු වරදකාරී හැඟීමකින් තොරව ප්‍රසිද්ධියේ එම කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය කිරීම එක පැත්තක සිදුවෙමින් පැවැත්වෙද්දී, අනෙක් අතට මුස්ලිම් කාන්තා සංවිධාන ඉදිරිපත් කළ සංශෝධනවලට ජමියතුල් උලමා සංවිධානය එකඟ නොවූ අතර මුස්ලිම් දේශපාලකයන් අදාල කරුණු මත ක්‍රියාකිරීම මට්ටු කරන්නට උත්සාහ කරමින් සිටි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙනස බලාපොරොත්තුවෙන් සිටින මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව පැතිරීයන අන්තවාදය සමාජ මාධ්‍යවලින් වර්ධනය වී ඇත.

කුරාන්, හදීස් සහ ඉස්ලාම් දේශන ග්‍රන්ථවල ඇති අන්තවාදය, ප්‍රචණ්ඩත්වය, මූලධර්මවාදය, ක්‍රෝධය, ස්ත්‍රී පුරුෂ වෙනස්කම්, අන්ධභක්තිය යනාදිය උගන්වනු ලබන තෙක් හා ඒවා උතුම්බව සලකන තෙක් ඉස්ලාම් ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට නොහැකි බව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය අවදාරණය කරයි. වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදය ඕනෑම අවස්ථාවක ම්ලේච්ඡ ත්‍රස්තවාදයක් ලෙස වෙනස්විය හැකි අවදානමක් පවතින බව අතීතය අපට උගන්වා ඇත. මේ පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු විය යුතු බවට ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය ඉල්ලා සිටියි. ජනතාව විසින් තෝරා පත්කර නොගත් සමස්ත ලංකා ජමියතුල් උලමා යනාදී මූලධර්මවාදී සංවිධාන රටේ නීති පිළිබඳ කරුණුවලට බලපෑම් කිරීම හා මුස්ලිම් වරුන්ගේ කටයුතුවල ආධිපත්‍යය පැතිරවීමද ජනතාව විසින් තෝරා පත්කර ගත් රජය අනුමත නොකළ යුතුය. අනෙක් අතට එය වහාම තහනම් කළ යුතුය. තවද, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය වැනි පෞද්ගලික නීති සියල්ලම තහනම් කර සමස්ත ජනතාවටම ගැලපෙන පොදු නීතිය ක්‍රියාත්මක කර යුතු බවද අසාධාරණයට විරුද්ධව, යුක්තිය ඉල්ලා හඬ නගන කාන්තාවන්ට එරෙහිව ඉස්ලාම් අන්තවාදීන් විසින් කරනු ලබන ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගත යුතු බවටද රජයෙන් සහ මහජන නියෝජිතයන්ගෙන්ද ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය ඉල්ලා සිටියි.       

- ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka