gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාඨලී සැරසෙන්නේ ජනපතිවරණයටද? - ප්‍රචාරණ වියදමට මිලියන 580ක් !

පිවිතුරු හෙළ උරුම පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (12දා) පැවැති පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රචාරක වියදම් පිළිබඳ තොරතුරු තමන් සතුව තිබෙන බවද කියා සිටියේය.

මහනගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා 2019.04.22 දින ආයතන 14කට ප්‍රචාරක ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ මුදලේ දළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 100ක් වුවද නිවැරැදි ඇස්තමේන්තුව රුපියල් මිලියන 580ක් බවද හෙතෙම පැවැසීය.

දළ ඇස්තමේන්තු පෙන්වමින් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ජනතා මුදල් අවභාවිත කර ඇති බවත් දේශපාලන ප්‍රතිරූපය හදා ගැනීමට ජනතා මුදල් මෙලෙස අවභාවිත කරන නායකයෙක් යකඩ මිනිසකු බවට පත් නොවන බවත් ඔහු මලකඩ මිනිසෙක් බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ජයත් ශ්‍රී  බණ්ඩාර
මව්බිම


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka