gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ කැමැත්ත නැතුව කාටවත් දිනන්න බෑ - දුමින්ද දිසානායක

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එම පක්ෂයේ හිටපු ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ අනුව ශ්‍රීලනිපයේ කැමැත්ත නොමැතිව ජනාධිපතිවරණයෙන් කිසිවෙකුටත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය 50% ඉක්මවිය නොහැකි බවයි ඔහු පවසන්නේ.
දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ අනුරාධපුර, තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

පොහොට්ටුවට හෝ එජාපයට හෝ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් අවම ඡන්ද ලක්ෂ 65 ක් ගැනීමට සිදුවන බවත් එහෙත් පසුගිය පළාත් පාලන මැතිවරණයට අනුව පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 50 ක් හා එජාපයට ඡන්ද ලක්ෂ 35 ක් පමණක් බවත් දිසානායක මහතා පෙන්වා දෙයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය ලබාගත් ඡන්ද ලක්ෂ 15 ක ප්‍රමාණය පක්ෂ දෙකටම අතිශය වැදගත් බව ද එම ලක්ෂ 15 නොමැතිව කිසිවෙකුට හෝ ජයග්‍රහණය කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඉදිරි සති දෙක තුළ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ අවසන් තීරණය ගන්නා බවත් කිසිදු හේතුවක් නිසා පක්ෂයට පොහොට්ටුවට දිය කිරීමට සූදානම් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර සාකච්ඡා තවමත් සිදුවන බවත් තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් එහි අවසන් තීන්දුව ගන්නේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව බවත් එ් අනුව කිසිසේත් ශ්‍රීලනිපය හෝ ශ්‍රීලනිප පාක්ෂිකයා පොහොට්ටුවට පාවාදීමට හෝ දියකර හැරීමට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කරයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka