gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු සමුළුවට පෙර ඇමරිකාවෙන් පණිවුඩයක්.. ඇමරිකා බලවතුන් දෙදෙනෙකු මහින්ද හමුවේ..

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය  අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. ඒ විජේරාම පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ  නිල නිවසේදීයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අනුව මෙම හමුව සිදුව තිබෙනවා. එසේම පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද පස්වරුවේ නම් කිරීමට නියමිතව තිබෙන අතර එවන් පසුබිමක මෙම හමුව සිදුව තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Alaina B Teplitz ද සහභාගී වී තිබෙනවා.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka