gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ඡන්ද ගන්න ඕන නිසා මිනිස්සු එල්ලනවා නම් ඒක පහත් වැඩක් - ඇමති සජිත් හැමදාමත් ජනපතිට කඩේ යනවා" - ෆොන්සේකා

ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සෑම විටම ඉටුකරන්නේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ වත්මන් අගමැති, අපේක්ෂකත්වයට නොපැමිණ ඊට විකල්පයක් ලෙස ඉදිරිපත් කරන අපේක්ෂකයා රටට වැඩ දායක අයෙකු නොවේනම් තමන් ඊට විරුද්ධ බවයි.

එම අවස්ථවේ දී මරණ දඬුවම පිළිබඳ සිය අදහස් පල කරමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"ඡන්ද ගන්න ඕනේ හින්දා හිරගෙයි ඉන්න මිනිස්සු ගෙනල්ලා එල්ලන්න හදනවා. ඒක පහත් ක්‍රියාවක්. පක්ෂයේ මතය තියෙන්නේ මරණ දඬුවමට විරුද්ධව. ඒ මතය එක්ක අපි ඉන්නවා. නමුත් ඇමති සජිත් හැමදාමත් ජනපතිට කඩේ යනවා. එයා ජනපති කියන දේවල් තමයි අනුමත කරන්නේ. ගිය වතාවෙත් දින 51 ආණ්ඩු පෙරලියට පෙර ඔහු කිව්වා මේ එ.ජා.ප.ය ජනපතිට ණය ගැතියි කියලා. දින 51න් අවසන් වුණාම කිව්වා ශ්‍රීමත් ජනපති ගරු ජනාධිපතිතුමාණෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා."


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka