gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිවරණයට ඇගිලි ගැන්නට එනේනෙ පලාත් සභා?

මන්ට ජනාධිපතිවරයා නියෝග කළහොත් එම ඉල්ලීම සලකා බලා පළාත් සභා ඡන්දය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අගමැතිවරයාට සහ කතානායකවරයාට මේ සතියේ දැනුම් දී ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විශේෂ හමුවීම් දෙකකදී මැ.කො සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහි පවත්නා නීතිමය හා ප්‍රායෝගික තත්ත්වය ගැන ජනාධිපතිවරයාගේ අදහස් අගමැතිවරයාට සහ කතානායකවරයාට දැනුම් දුන්නේය.
එසේම හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ වැදගත්කමද ඔහු විසින් පෙන්වා දෙනු ලැබීය.

එහෙත් මෙහිදී කතානායකවරයාත් අගමැතිවරයාත් දැනුම් දී තිබුණේ ජනතා අපේක්ෂාව ජනාධිපතිවරණය බව යැයි ද සඳහන් වෙයි. මේ ගැන විපක්ෂ නායකවරයා සමඟද සාකච්ඡා කළ යුතු යැයි අගමැතිවරයා දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

කෙසේ හෝ පළාත් සභා ඡන්ද නොපැවැත්වීමේ හේතුව මත තනතුර හැර නොයන ලෙසද අගමැතිවරයා මැ.කො. සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟද පළාත් සභා මැතිවරණය තැබීම ගැන දුරකථනයෙන් කරුණු දක්වා තිබූ බව විපක්ෂය පවසයි.

මෙම සාකච්ඡාවලදී අගමැති, කතානායක හා විපක්ෂ නායකවරයා මෙහි පවත්නා නීතිමය තත්ත්වය ගැනත් මැතිවරණ කාලසටහනේ අනුපිළිවෙළ ගැනත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කරුණු දක්වා තිබිණි. ගිය බ්‍රහස්පතින්දා අගමැති රනිල් සහ විපක්ෂ නායක මහින්ද හමුවී මේ යෝජනාව ගැන අදහස් හුවමාරු කරගත් අතර ඔවුන්ගේ පොදු අදහස ජනාධිපතිවරණය නිසි වේලාවට පැවැත්වීම බවද වාර්තා විය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka