හිටපු රාජ්ය ඇමති අමීර් අලි විසින් මේ බව තහවුරු කළේය.
ඊයේ දිනයේ ආණ්ඩුවට විරුද්ධව ගෙන එන ලද විශ්වාසභංගයක් පරාජය කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම විශ්වාසභංගයෙන් ගෙන එන්නේම ජනප්රසාදයෙන් බින්දුවටම වැටී තිබූ ආණ්ඩුව රැක ගැනීම සඳහා වක්රාකාරයෙන් ශක්තිය සැපයීමට බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම විසින් දිගින් දිගටම චෝදනා කරනු ලැබිය.
රිෂාද් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව ගෙන එනු ලැබූ විශ්වාසභංගයට පක්ෂව අදහස් දක්වන ලද ආණ්ඩුවේ සියළුම මන්ත්රීවරුන් ද මෙම ජවිපෙ විසින් ගෙන්වන ලද විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන බවටත් එදා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් කරන ලද පුරෝකථනයන් ආකාරයටම අද දිනයේ ඔවුන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙනු ලැබීය.
ආණ්ඩුව පෙරලා දැමීමට සැබෑ උවමනාවක් තිබුනේ නම් පහර දීමට තිබුනේ ආණ්ඩුවේ බලයත්ම නිලය දුර්වල වූ අවස්ථාවේ එයට බවත් ජවිපෙ විසින් කරන ලද්දේ ආණ්ඩුවේ තිබූ බදියුදීන් විරෝධය නැවතත් එක් මිටකට එක් දීම බවටත් ඔවුහු චෝදනා කලහ.
අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාසභංගය ගෙන එන ලද්දේම ස්ථිර වශයෙන්ම පරාජය වන බව දැනගෙන ආණ්ඩුවට තරමක් හෝ ශක්තිමත් කිරීමට බවයි.
