gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

භික්ෂූන් වහන්සේලා ගැන ඇමති රන්ජන් කළ ප්‍රකාශයට එරෙහිව රාවනා බලය පෙරට එයි !

භික්ෂු ශාසනය අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

භික්ෂූන් වහන්සේලාට අගෞරවයක් වන ආකාරයට රන්ජන් රාමනායක අමාත්‍යවරයා සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ ප්‍රකාශ කළේ පාක්‍යසෝති සරවණමුත්තු අස්ගිරි නාහිමියන්ට දොස් නගමින් සිදුකළ ජවනිකාවේ දෙවන කොටස්  රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් සිදුකරමින් පවතින බවයි.

එසේම ‘‘අපි මේක ලේසියෙන් අත අරින්නෙ නෑ, මේ ගැන ඇමති අකිලගෙන් ඇහුවම එයා කිව්වා පිස්සෙක් කියලා. පිස්සෙක්ව ඇයි සිරිකොතේ තියන් ඉන්නේ. මේකට සිරිකොත වග කිව යුතුයි.’’ යනුවෙන්ද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka