ශ්රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල පිහිටුවීමේදී එම ආසනය නියෝජනය කරන ඇතැම් මන්ත්රීවරුන්ට ආරාධනා නොකිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන්නේ යැයි වාර්තා වෙයි.
පසුගිය සතියේ දී දකුණු පළාතේ පාසල බලමණ්ඩල ගණනාවක් කැඳවනු ලැබූ අතර එහිදී ඇතැම් හිටපු සංවිධායකවරුන්ට ඊට ආරාධනා කර නැත.
දින 100 රජය නියෝජනය කරමින් සිට පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ මන්ත්රීවරුනට ඇති විරෝධතාවය නිසා බලමණ්ඩල පිහිටුවීම අවස්ථාව ඔවුනට ආරාධනා කර නැතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෙන්ම පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවද වාර්තාවේ.
යහපාලන හවුලේ ලුණු කෑ මන්ත්රීවරුන් පොහොට්ටුවෙන් කැපේ.. ආසන බල මණ්ඩලවලට නොකැදවති.. මහින්දට පැමිණිලි ගලයි..
2019-07-21T11:55:00+05:30
Lanka Hot News