gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝටාභය පැරදවීම සිහිනෙන්වත් කල නොහැකියි.. ඔහු මීලග ජනපති වීම ස්ථිරයි.. ඔහු තරග වදින්නේ දිනුම අතේ තියාගෙනයි..- නිර්මාල් දේවසිරි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු පැරදවීමට සිහිනෙයන් වත් කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
තම ෆේස්බුක් ගිණුමේ ‘ගෝටාගමනය’ වැළැක්විය හැකිද යන මැයෙන් සටහනක් තබමින් මෙම අදහස් පළ කර සිටියි.

ගෝඨාගමනය වැලැක්විය හැකිද?

පසුගිය පලාත්පාලන මැතිවරණ ප‍්‍රතිඵල අනුව යන්නේ නම් ගෝඨා සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ම සියයට 40ක ඡන්ද ප‍්‍රතිශතයක් අතේ තබාගෙනයි.

යූඇන්පී සහය ලබන අපේක්ෂකයා පටන් ගන්නේ සියයට 30 කිනි.

මෛත‍්‍රීපාල හෝ ශ‍්‍රීලනිප අපේක්ෂකයෙක් වෙනම ඉදිරිපත්නොවන තත්වයක් තුළ 2018 පෙබරවාරි හී මෛත‍්‍රීපාලට ලැබුණු සියයට 13 ගෝඨාට ගැනීම අපහසු නොවේ.

ඊට අමතරව දෙමළ මුස්ලිම් මෙන්ම නව කතෝලික ඡන්ද ප‍්‍රමාණයක්ද ගෝඨාට ලබාගැනීමට හොදටම හැකියාව ඇත. එවිට ගෝඨාට ජනාධිපතිවරණය ජයගැනීම කිසිසේත්ම අභියෝගයක් නොවේ.

අනික් අතට ජවිපෙට අනිවාර්යයෙන්ම වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සිදුවේ.

ජවිපෙ සියයට 5ක් ගත්තත් එයින් අදහස්වන්නේ යූඇන්පී අපේක්ෂකයාට ඉතිරි සියයට 20 ලබා ගැනීමට ඇති හැකියාව සීමිත බවයි.

ගෝඨා පැරදවීමට කෙනෙක් සිහිනෙන් හෝ සිතන්නේ නම් 2015 සංධානය නැවත ඇති කරගත යුතුය. එය මේ අවස්ථාවේ කිසිසේත්ම කළ හැක්කක් නොවේ.

– Nirmal Dewasiri FB
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka