gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අසාද් සාලි පාස්කු බෝම්බ කමිටුව ඔළුවෙන් හිටවයි.. වරද ආණ්ඩුවේ යයි කියයි.. කමිටුව කෝප වී අවස්ථා කිහිපයකම විරුද්ද වෙයි… දැඩි අවවාද කරයි.. [Video]

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර ගැන කරුණු සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද දිනයේ සාක්‍ෂි ලබා දෙන ලදී.
සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුතු ජාතික තවුහිත් ජමාත් සංවිධානයට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු හිටපු ඇමති ඒ.එච්.එම්. හලීම්ගේ සහෝදරයෙකු වන සායිම් නැමැත්තාගේ සහයෝගය ලබා දුන් බවද ඔහු සදහන් කලේය.

කාත්තාන්කුඩි පොලීසිය මා එකට ජාතික තවුහාද් ජමාද් සංවිධානය වැඩ කළ බවත් 2017දී සහරාන් විසින් කාත්තන්කුඩියේ පාරම්පරික මුස්ලිම් ජනතා නිවාස 120 ක් ගිනි තැබුවේ යයිද සදහන් කලේය.

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරයන් හේතුවෙන් සම්පූර්ණ මුස්ලිම් ජනතාවම ත‍්‍රස්තවාදීන් කර ඇති බවත් එහි වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතු බවද ඔහු සදහන් කල අතර තේරීම් කාරක සභා සාමාජිකයන් එම ප‍්‍රකාශයට විරෝධය දැක්වීය.

අවස්ථා ගණනාවකදී අසාද් සාලිගේ සාක්‍ෂි දැක්වීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභා සාමාජිකයන් විසින් විරෝධතා දක්වන ලද අතර අවවාද කිහිපයක්ම සිදු කරන ලදී.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka