gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් නිසා මං ජනතාවට අප‍්‍රසන්න වෙලා - බදියුදීන් විමල්ට විරුද්දව රහස් පොලීසියට පැමිණිලි කරයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කළ බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

වීරවංශ මහතා විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බවත් එම චෝදනා නිසා ජනතාව අතර තමන් දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව සිටින බවද ඔහු කියයි.

පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙවන් ආකාරයෙන් කටයුතු කිරීම ඉතා නින්දිත බවද හිටපු ඇමති බදියුදීන් කියා සිටී.

සතොසට අයත් වාහනවලින් පාස්කු ඉරිදා බෝම්බ කරුවන් ඊට පෙර දින හා ආසන්න දිනවල ප‍්‍රවාහනය කර ඇති බවට විමල් වීරවංශ මහතා පසුගියදා චෝදනා කළේය.

මේ චෝදනාව සාක්ෂි සහිතව තමන් ඔප්පු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka