gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධූරය අත්හැරි හකීම් ජාත්‍යන්තරයත් නොමග යැවීමේ සූදානමක !

තැම් භික්ෂූන් වහන්සේ වෛරී ප‍්‍රකාශ සිදු කළද ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් පවසනවා.

ඒ ඕස්ටේ‍්‍රලියාවේ ABC රේඩියෝවට ප‍්‍රකාශයක් ලබා දෙමින්.

මන්තී‍්‍රවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ වෛරී ප‍්‍රකාශ මෙන්ම වෛරී කි‍්‍රයා පාලනයට ද ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ කටයුතු නොකළ බවයි. වෛරී ප‍්‍රකාශ සිදුකරන භික්ෂූන් වහන්සේ අතර මෑතකදී ජනාධිපති සමාව ලබා නිදහස් වූ හිමි නමක් ද සිටින බවත්, රටේ තැන තැන ගොස් විවිධ ප‍්‍රකාශ සිදු කරන බවත් රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු විවිධ පිරිස් සිදුකළ කි‍්‍රයා හේතුවෙන් තමන් බලයට පත්කළ මුස්ලිම් ජනතාව පීඩාවට පත් වූ බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දී ඇත්තේ. තමන් ආණ්ඩුවේ සිටියද තම ජනතාව රැක ගැනීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම්  ඕස්ටේ‍්‍රලියාවේ ABC රේඩියෝවට අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර මෙන්ම ජනජීවිතය ද අඩාල වී ඇති බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ්. තමන් ඇතුළු පිරිස ආණ්ඩුවේ දැරූ ධූරවලින් ඉල්ලා අස්වූයේ "අපගේ සහෘදයින් වෙනුවෙන්" බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් පවසනවා.

වෛරී ප‍්‍රකාශ, වර්ගවාදී කටයුතු, වෛරී කි‍්‍රයා පාලනය කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බවයි ඔහු මෙහිදි අවධාරණය කර ඇත්තේ.

රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා සිදුකළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (05) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධනගෙන් ද විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "කවුරු හෝ පුද්ගලයෙක් වෛරී ප්‍රකාශ සිදු කරනවා නම් ඒකෙදි ජාතිය ආගම ගැන බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. රවුෆ් හකීම් මැතිතුමා මම දැකලා නෑ වැරදි ප්‍රකාශ සිදු කරනවා. එතුමා බුද්ධිමත් දේශපාලනඥයෙක්. කොහොම වුණත් ආගමික හෝ ජාති විදිහට බෙදිලා ඒ ගැන කල්පනා කරන්නට ඕනේ නෑ කියලා තමයි මට හිතෙන්නේ." යනුවෙනි.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka