gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චෝදනා කරන සියළු දෙනාගෙන් CID කට උත්තර ගන්නවා - අගමැති

මුස්ලිම් ඇමතිවරුන් නැතිව ආණ්ඩුවක් ක‍්‍රියාත්මක වන්නේ නිදහසින් පසු පලමු වතාවට බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ජාතිවාදය ඇවිස්සීමෙන් සිදුවන්නේ ත්‍රස්තවාදීන් ප්‍රමාණය වැඩි වීම බවයි.

ආණ්ඩුවේ චෝදනා එල්ල වූ හිටපු ඇමතිවරුන් ගැන පරීක්‍ෂණ කිරීමට රහස් පොලීසිය විසින් පත් කර ඇති කමිටුවට ඕනෑම අයෙකුට පැමිණිලි කල හැකි බවත් ඔහු කීය.

චෝදනා ඉදිරිපත් කරන සියල්ලන්ගෙන් කටඋත්තර ලබා ගන්නා බවත් ඒවා අනුව චෝදනා විභාග කරන බවත් ඒ මහතා පැවසීය.

මසක් ඇතුලත එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරදකරුවන්ට නඩු පවරන බවත් අගමැතිවරයා සදහන් කලේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka