gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලක්‍ෂමන් කිරිඇල්ල මීලග ජනාධිපති ලෙස යෝජනා කෙරේ !

‘අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදුකර ඇති සමාජ ආගමික සේවය ගත්කළ ජනාධිපතිධූරයටද සුදුසු’ යයි හන්තාන සදගිරි මහ සෑ විහාරාධිපති පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ‍්‍රී සුදර්මාරාම විහාරයේ ධර්මශාලා ගොඩනැගිල්ල සගසතු කොට
පූජාකිරීම හා දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයේදි අනුශාසනාවක් සිදුකරමිනි.

ප‍්‍රතිපාදනද ඇතු`එව රුපියල් මිලියන 13ක් වැයකිරිමට නියමිතයි.

මෙහිදි අනුශාසනාව සිදුකළ ග`ගසිරිපුර ධම්මාලෝක හිමි

‘ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ශාසනයේ උන්නතිය වෙනුවෙන් අතිවිශාල සේවාවක් සිදුකර තිබෙනවා එතුමා මේ වන විට කිසිදු අමාත්‍යවරයෙකුට සිදුකළ නොහැකි වූ මහනුවර දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන විශාල ප‍්‍රමාණයක පිවිසුම් මාර්ග සංවර්ධනය කළා.

ශාසනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙමින් ශාසනය නගාසිටුවීමට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලයෙකු වශයෙන් මෙතුමා අපිට අගය කළ හැකියි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සම්බන්ධයෙන් පසුගිය දිනක පුවත්පතක හා වෙබ් අඩවි කිහිපයක විශේෂ පුවතක් පළ වී තිබුණා ඒ එළඹෙන 2020 ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන්.

මහනුවර දිස්ත‍්‍රික්කයේ වැඩිම ජනපදනමක් ඇති අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පිළිබ`දව මහා සංඝරත්නය වශයෙන් අපගේ අදහස වන්නේ මෙම වෙබ් සයිට් හා පුවත්පත් මගින් පළකර තිබෙන පුවත අනුව ඉදිරියේදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාහට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති වුවහොත් අපගේ වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් හා කන්ද උඩරට ප‍්‍රදේශ සංවර්ධනය කිරිම උදෙසා එතුමන්ගෙන් විශාල සේවාවක් සිදුවෙනවා නොඅනුමානයි. ගරුතර මහා සංඝරත්නය වශයෙන් අපි එතුමාට ඒ ස`දහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායැයි ප‍්‍රාර්ථනා කරනවා’

– මාධ්‍ය ඒකකය


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka