ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පක්ෂ විපක්ෂ සහය ලැබීම පටු දේශපාලනය අමතක කර රට වෙනුවෙන් එකඟත්වයකට පැමිණි වැදගත් අවස්ථාවක් බවත් එතුළින් අනාගතය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු ජනිතකර ඇති බවද කරු ජයසූරිය මහතා පැවසීය.
ඊළඟ පරපුරට අප විඳි අමිහිරි අත්දැකීම් වලින් තොර නිදහස් සමෘධිමත් දේශයක් උරුම කර දීමට මෙම ප්‍රවේශය තුළින් හැකිවනු ඇති බව තම විශ්වාසය බවද හෙතෙම සඳහන් කළේය.
ලෝකයේ දියුණු සෑම රටක්ම අත්පත් කරගත් ජයග්‍රහණ පිටුපස තිබෙන රහස ජාතික හා ආගමික සමඟිය තුළින් ගොඩනැඟූ තිරසාර ජාතික ප්‍රතිපත්ති යැයි පෙන්වා දුන් කරු ජයසූරිය මහතා කෙටි කළකින්ම ත්‍රස්ථවාදය අකර්මණ්‍ය කිරීමට හැකි වීම සහ එහි දී මුස්ලිම් ජනතාව ත්‍රස්ථවාදයට එරෙහිව ලබා දුන් සහාය අගය කරන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව ගොඩනැගීම සඳහා වූ පාර්ලිමේන්තුවේ පූර්ණ බලැති විශේෂ කාරක සභාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වන ලද හතරවන විශේෂ දිසා මහා සමුළුව අමතමින් කථානායකවරයා මෙම අදහස් පල කරන ලදී
– කතානායක මාධ්‍ය අංශය
