gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත‍්‍රස්ත චෝදනා 10ක්.. මිනීමැරුම් දෙකක් ඇතුළුව බදියුදින්ට විරුද්දව පැමිණිලි 25ක් පොලීසියට !

මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා විසිපහක් යටතේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව අද (07) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාරදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.

බදුර්දීන් ඇමැතිවරයා විසින් මුස්ලිම් අන්තවාදීන් සමග තිබූ ගනුදෙනු පිළිබඳව චෝදනා දහයක් ද, මිනීමැරුම් දෙකක්, මන්නාරම් ප‍්‍රදේශයේ සහ සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ වංචා හොරකම් සම්බන්ධයෙන් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව එම චෝදනා පත‍්‍රය බාරදෙන බවත්, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් සහභාගි වන බවත් එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.

මේ වනවිටත් එම චෝදනා පත‍්‍ර සකස් කරමින් සිටින බවත්, ඒ ඒ පුද්ගලයන් විසින් සාක්ෂි සහිතව ලබා දුන් තොරතුරු මත මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka