gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සයින්දමර්දු පුපුරවා ගැනීමෙන් මියගිය සහරාන්ගේ සහෝදරයා ඇතුළු ඥාතී පිරිසකගේ සිරුර කිහිපයක් නැවත ගොඩගනී !

ම්පාර සයින්දමර්දු ගම්මනායේදි  පුපුරුවා ගැනීමකින් දිවි හානි කරගත්  පිරිසගේ සිරුරු නැවත ගොඩ ගැනිම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මහත්මිය ඉදිරියේදි  අද (07)  සිදු කළේය. පාස්කුදා ප්‍රහාරයේ මහමොළකරු වන බෝම්බ පුපුරුවාගැනීමකින් මිය ගිය  සහරාන්ගේ සහෝදරයා ඇතුළු ඥාතී වන පිරිසකගේ සිරුර  4 ක් මෙසේ ගොඩගෙන තිබේ.

සිද්ධිය වූ දින එම ස්ථානයෙන්   සිරුරු කොටස් රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබු අතර ඉන් සම්පල් හතරක් නරක් වී තිබිම නිසා ඒවා නැවත ගොඩ ගෙන ශරීර කොටස් නැවත රස පරීක්ෂක වෙත යැවිමට මෙලෙස කටයුතු කෙරේ.

කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ මෙම ගොඩ ගැනිම සිදු කෙරිණි.

අම්පාර හිටපු අධිකරණ වෛද්‍ය නිළධාරි රුචිර නදීර මහතා  ගේ ප්‍රධානත්වයෙන් මෙම සාම්පල් නැවත සිදු කෙරේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka